කුමන ආණ්ඩුවක් බලයට පත්වුවත් පුටුවෙන් පුටුවට ඉහළට යන රාජ්‍ය නිලධාරීන් පිරිසක් රටේ ආර්ථිකය විනාශ කරන බරපතල ආර්ථික ඝාතක ක්‍රියාවලියක නිරත වී සිටින බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
අපවෙත ලැබී ඇති වීඩියෝ පටයකට අනුව ඒ මහතා ඒ බව ප්‍රකාශ කොට ඇත්තේ පුස්තකාල සේවා මණ්ඩලයේ පැවති මාධ්‍යෙව්දී උපාලි ගමගේ මහතා විසින් රචිත රටේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ග්‍රන්ථයක් එළිදැක්වීමේ උත්සවයකදීය.
ඒ පිළිබඳව ලංකා ලීඩ් විසින් ඔහුගෙන් වැඩිදුරටත් විමසීමේදී ඔහු සඳහන් කළේ රටට ආහාර ආනයනය කරන ජාවාරම්කරුවන් මිලියන සිය දහස් ගණන් වියදම්කොට පවත්වාගෙන යන මහජන සබඳතා ක්‍රියාන්විතයක් ගුණ ඉහළ නිලධාරීන්, යම් විද්වතුන් සහ මාධ්‍යෙව්දීන් පිරිසක් හසුරුවන බවය.
ඔවුන් ඉතා සූක්ෂම දේශපාලන නායකයින්ට මානසික බාධක පනවන අතර යම් තීන්දු ගැනීමේදී මඟ වරදන බවද ඔහු කියයි. එම මෙහෙයුම පාත් ෆයින්ඩර් වැනි සංවිධාන නායකත්වය දෙන බවද ඔහු කියයි.
සම්පූර්ණ වීඩියෝව පහතින් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...