දේශීය පුවත්

ස්වයං නිරෝධායනයට ලක්වන පිරිස වෙනුවෙන් අදාළ ප්‍රදේශයේ වෙනම ඡන්ද මධ්‍යස්ථානයක් පිහිටුවීමට හෝ ඡන්ද පෙට්ටිය රැගෙන නිවසින් නිවසට යෑමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇත.

ස්වයං නිරෝධායනයට ලක්වන පිරිස් පොදු ඡන්ද මධ්‍යස්ථානයට නොකැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව පෙරේදා (15 වැනිදා) තීරණය කළ අතර ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දිනයේ පස්වරු 4.00 සිට 5.00 දක්වා අවස්ථාව ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව මීට ඉහතදී තීරණය කර තිබිණි.

නිරෝධායන නීති යටතේ ස්වයං නිරෝධායනයට ලක්වූවන්ට නිවසින් පිටතට නොයන ලෙස දැනුම්දී තිබීම නිසා, ඡන්ද පොළට පැමිණ ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඔවුන්ට කීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේය.

එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වන පිරිසට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසීම සම්බන්ධව කටයුතු කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ ඒකකයක් මෙමස 20 වැනිදා සිට ක්‍රියාත්මකය.

මෙම ඒකකයට මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ට අමතරව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ද පත් කෙරෙන බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙම ඒකකය මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යටතේ ක්‍රියාත්මකය.

නි​රෝධායනයට ලක්වන පිරිස්වල ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම සූදානම් බවත් ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදවා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More