දේශීය පුවත්

මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් ගැසට් නිවේදනය අද (17 වැනිදා) ප්‍රකාශයට පත් කළද නිරෝධායන පනතින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය පැවැරීම සිදු නොකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

>සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (16 වැනිදා) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. නිරෝධායන පනතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය පැවරීම තුළින් සාමාන්‍ය ජනතාවට පීඩාවක් ඇතිවිය හැකි නිසා එය බලාත්මක කිරීම ප්‍රමාද කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කර තිබේ.

මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. කෙසේ වෙතත් මැතිවරණයට අදාළ සෞඛ්‍ය නීතිරීති ගැසට් කිරීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය නොලැබුණහොත් සෞඛ්‍ය මාර්ගෝපදේශ බිම් මට්මේ ක්‍රියාත්මක කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

නිරෝධායන පනතෙන් මහාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය ලබා දෙන බවට සෞඛ්‍ය අමාත්‍යවරිය පොරොන්දු වූ බව සංගමයේ සභාපති උපුල් රෝහණ පැවැසුවේය. පොරොන්දු කඩ කරමින් බලය ලබා නොදීමට කටයුතු කළහොත් කොවිඩ්-19 රාජකාරිවලින් ඉවත් වන බවට ඔහු අනතුරු ඇඟවීය. මේ සම්බන්ධයෙන් සෙනසුරාදා (18 වැනිදා) පෙරවරුවේ අවසන් තීරණයක් ගන්නා බවද ඔහු පැවැසුවේය.

මැතිවරණ කොමිෂන් සභාවෙ විසින් මැතිවරණයට අදාළ මාර්ගෝපදේශ පිළිබඳව ඉදිරිපත් කළ ලිපියක සඳහන් කරුණු පමණක් ගැසට් නිවේදනයට ඇතුළත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළාය. මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (16 වැනිදා) පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව පැවසුවාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More