දේශීය පුවත්

කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ‍්‍රිතව බිහි වී තිබෙන කොරෝනා ආසාදිත පොකුරේ සාමාජිකයන් ඇසුරු කළ අය සොයමින් දිස්ත‍්‍රික්ක 16 ක පිරික්සීම් සිදු කෙරෙන බව ශ‍්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම දිස්ත‍්‍රික්ක 16 සිටින පුද්ගලයන් 3000 කට අධික පිරිසක් මේ වන විට සැක පිට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ‘දිවයින’ට පැවසීය.

කන්දකාඩු ආසාදිත පොකුරට අයත් එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයන් මෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය වූ පුද්ගලයන් ගමන් කළ ස්ථාන අනුව ඔවුන් සමීපව ඇසුරු කළ අය මෙන්ම එම පිරිස ඇසුරු කළ අය පිළිබඳව ද ලැබෙන තොරතුරු මත සොයා බැලෙන බව ඔහු සඳහන් කළේය.

මේ අතර මෙවර පැවැත්වෙන මහ මැතිවරණයට අදාළව සකස් කර ඇති සෞඛ්‍ය උපදෙස් අඩංගු මාර්ගෝපදේශන මාලාව මැතිවරණය පැවැත්වීමට පෙර නීතිගත කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ස්ථාවරය යැයි කී එම සංගමයේ ලේකම්වරයා, එසේ නොකර පවතින තත්ත්වය යටතේ මැතිවරණය පැවැත්වීම අසීරු වන බව අවධාරණය කළේය.

මේ පිළිබඳව මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හා පැවති සාකච්ජාවකදී තමා ඇතුළු සංගමයේ නිලධාරීන් ඔවුන්ට දැනුම් දුන් බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More