පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් කණ්ඩායම හෙරොයින් ජාවාරම් සඳහා යොදා ගත් රුපියල් ලක්ෂ ගණනක් වටිනා සැටලයිට් දුරකථනයක් මීගමුව ප‍්‍රදේශයේ ධීවරයකු සතුව තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (15 වැනිදා* අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ උප පොලිස් පරීක්ෂක උදාර නමැත්තා විසින් මෙම සැටලයිට් දුරකථනය මීගමුව ප‍්‍රදේශයේ ධීවර බෝට්ටු හිමියකුට ලබාදී ඇත්තේ තවත් හෙරොයින් තොගයක් බෝට්ටුවකින් මෙරටට ගෙන්වා ගැනීමට බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
මෙම සැටලයිට් දුරකථනය සන්තකයේ තබාගෙන සිටි ධීවරයා රහස් පොලිසියේ නිලධාරීන් කළ ප‍්‍රශ්න කිරීම් හමුවේ ප‍්‍රකාශ කර ඇත්තේ හෙරොයින් තොගයක් වැටලීම සඳහා මෙම සැටලයිට් දුරකථනය සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා තමන්ට ලබාදුන් බවයි.
පාකිස්තානයේ සිට මෙරටට රැුගෙන එන හෙරොයින් තොගයක් මහ මුහුද මැද දී තම ධීවර බෝට්ටුව වෙත ලබා ගැනීමට උපදෙස් දුන් බවත් මෙම හෙරොයින් තොගය අත්අඩංගුවට
ගැනීමට තමන් සූදානමින් සිටින බවත් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා තමාට පැවසූ බවත් මෙම ධීවරයා වැඩිදුරටත් ප‍්‍රශ්න කිරීම් හමුවේ ප‍්‍රකාශ කර ඇත.
විමර්ශනවලින් හෙළි වී ඇත්තේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිස මෙම හෙරොයින් තොගය මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇත්තේ ඒවා හොර රහසේම විකිණීම සඳහා බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...