රට ලොක්ඩවුන් කිරීමට අවශ්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති හමුවේදී අගමැතිවරයා මෙම අදහස් පළ කළේය.
මෙම මාධ්‍ය හමුවට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු කොරෝනා මැඩලීමේ රජයේ යාන්ත්‍රණයට සම්බන්ධ පාර්ශව ද කැඳවා තිබුණි.
මෙහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පිටත කොවිඩ් ආසාදිතයින් 25 දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.
එම පිරිස ඇතුලු ඔවුන්ගේ ආශ්‍රිතයින් සියලූ දෙනා මේ වනවිට නිරෝධාන කටයුතු සඳහා යොමු කර ඇති බව ඔහු සදහන් කළේය.
මේ අතර මෙම සාකච්ඡාවේදී සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කළේ මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රය සඳහා නීතිපති අනුමැතිය අද දිනය තුළ ලැබෙනු ඇති බවත් ඒ අනුව ඉදිරි දින දෙක තුළ එය ගැසට් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...