දේශීය පුවත්

රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතු බව අස්ගිරි  පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි අනුනාහිමියෝ අවධාරණය අවධාරණය කරති.

අද(16) කොළඹ , තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවති නොවැම්බර් 16 ජාතික ව්‍යාපාරයේ සමාජ ගිවිසුම එලිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අනුනාහිමියෝ මේ බව පැවසූහ.

වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිටියේ  වර්ථමානයේ රට අල්ලස සහ දූෂණය අතින් ඉහළම තැනකට පත්ව ඇති බවත්, මේ ධර්මද්වීපය අල්ලස සහ දූෂණයෙන් තොර රටක් බවට පත් කිරීමට දේශපාලන නායකත්වය ඇතුළු වගකිවයුතු සියලු දෙනා කැපවීමෙන් කටයුතු  කළ යුතු බවය.

මෙම අවස්ථාවට ත්‍රෛයි නිකායික අනුනාහිමිවරු ඇතුළු මහාසංඝරත්නය සහ ජාතික සංවිධාන නියෝජනය කරමින්  විද්වතුන්, කලාකරුවන් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.

නොවැම්බර් 16 ව්‍යාපාරයේ මෙහෙවර ප්‍රකාශය – 

නොවැම්බර් 16 ජාතික ව්‍යාපාරයේ
මෙහෙවර ප්‍රකාශය

නොවැම්බර් 16 ජාතික ව්‍යාපාරය යනු 69 ලක්ෂයකගේ එකතුවකි. එම එකතුවේ සියළු ජනයා නායකයින් මෙන්ම සාමාජිකයින්ද වේ. ඒ සැමගේ අරමුණ තමා විසින් නිර්මාණය කළ ජනවරම ශක්තිමත් කිරීමයි, ඒ ජනවරම නිර්මාණය කිරීමට මුල්වූ අපේක්ෂා ඉටුකර ගැනීමයි, තමා විසින් පත්කරනු ලැබූ නායකයාගේ අභිප්‍රාය සහ අධිෂ්ඨානය සඵලවනු දැකීමයි, ඒ සඳහා කොන්දේසි විරහිතව පෙනී සිටීමයි, අවශ්‍යනම් සටන් කිරීමයි.

නොවැම්බර් 16 ජනවරම ආරක්ෂා කළ හැක්කේ ඊට දායක වූ 69 ලක්ෂයකගේ අපේක්ෂාවලට ගරු කිරීම මගිනි, එම අපේක්ෂා යථාර්ථයක් බවට පත්කරන උපායමාර්ගික වැඩපිළිවෙලට දායකත්වය සහ නායකත්වය ලබාදීම මගිනි, එම වැඩපිළිවෙල සමාජගත කිරීම මගිනි, ඊට මහා සමාජයේ අනුමැතිය සහ සහයෝගය ලබාගැනීම මගිනි.

අද දින අප විසින් සිදුකරනු ලබන්නේ 69 ලක්ෂයක හදවත්වල කැකෑරෙන අපේක්ෂා උපාය මාර්ගික වැඩපිළිවෙලක් බවට පරිවර්ථනය කොට සමාජ ගිවිසුමක් ලෙස ඉදිරිපත් කිරීමයි. දැන් 69 ලක්ෂයේ එකා බැගින් වන වගකීම වන්නේ තමා මනාප ලබාදෙන මහජන නියෝජිතයා එම සමාජ ගිවිසුම සමග එකඟ කර ගැනීමයි. එකඟ නොවන්නේ නම් මනාප නොදී සිටීමයි. එසේම මනාපය දීමෙන් පසුව ගිවිසුමට අනුව නියෝජිතයා කටයුතු කරන බව සහතික කර ගැනීමයි, එම සහතිකයට නියෝජිතයා ගරු කරනවාද යන්න නිරතුරුව සොයා බැලීමයි, ගිවිසුමට අනුව වැඩ සිදුනොවන්නේනම් ප්‍රශ්න කිරීමයි, ගිවිසුම කඩ කරන්නේනම් අභියෝග කිරීමයි.

69 ලක්ෂයකට ඉතිහාසය විසින් පවරා ඇති එම වගකීම අන්කිසිවෙකුට පවරා බලා සිටිය නොහැක. එම වගකීම අප සැම විසින්ම ඉටුකළ යුතුයි. ඒ සඳහා වන පූර්ව කොන්දේසිය වන්නේ ජාතිවාදී, ආගම්වාදී, බෙදුම්වාදී දුෂ්ඨ බලවේගවල ප්‍රාණ ඇපකරුවෙකු නොවන ආණ්ඩුවක් පිහිට කිරීමයි.

ජනපතිදුන්ගේ අධිෂ්ඨාණය සඵල කිරීම

නොවැම්බර් 16 ජාතික ව්‍යාපාරයේ ජාතික සමුළුව

රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් විය යුතුයි – අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමිනොවැම්බර් 16 ජාතික ව්‍යාපාරයේ ජාතික සමුළුව2020-07-16 හිරු ටී.වී. ප්‍රවෘත්ති

Gepostet von 69 ලක්ෂයේ අපේක්ෂාව am Donnerstag, 16. Juli 2020

 

 

 

 

 

 

 

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More