තවත් කොවිඩ් නයින්ටීන් රෝගීන් 8 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 2682ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
අද දිනයේ හදුනාගැනුණු රෝගීන් 8 දෙනා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවකයින්ගේ ආශ්‍රිතයින් බව සඳහන්ය.
ඔවුන් සියලු දෙනා මේ වන විට නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
මේ අතර මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 2007 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අද දිනයේ තවත් රෝගීන් 6 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟය.
ඒ අනුව තවත් රෝගීන් 656 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...