වැලිකඩ බන්ධනාගාරයේ තාප්පය ට ඉහළින් විසි කළ පාර්සල් 18ක තිබී හෙරොයින් ඇතුළ තවත් ද්‍රව්‍ය රැසක් සොයා ගෙන තිබේ.
ඊයේ (15) රාත්‍රියේ දී බන්ධනාගාරයේ කාන්තා අංශයේ තාප්පයට ඉහළින් මෙම පාර්සල් විසි කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.
ඒ අනුව එම පාර්සල්වල තිබී ජංගම දුරකථන 38ක්, දුරකථන බැටරි 264ක්, සිම් කාඩ්පත් 20ක් , හෙරොයින් ග්‍රෑම් 3.5ක්, මාවා පැකට් 10 ක් හා දුම්කොළ 40ක් සොයා ගෙන තිබේ.
මෙම ද්‍රව්‍ය සියල්ල බොරැල්ල පොලීසියට මේ වන විට වැඩිදුර පරීක්ෂණ සඳහා බාර දී ඇත.
මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ පුද්ගලයින් 7ක් දෙනෙක් අත්අඩංගුවට පත්ව තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...