අඟුලාන පොලිස් ස්ථානය අසළ මේ වන විට ප්‍රදේශවාසින් හා පොලීසිය අතර නොසන්සුන්තාවයක් හට ගෙන තිබේ.
“අද දෙරණ“ වාර්තාකරු පවසා සිටියේ, පොලිස් ස්ථානය අසළ ට රැස් වු ජනතාව පොලීසිය දෙසට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර ඇති බවය.
පසුව තත්ත්වය පාලනය කිරීම සඳහා අඟුලාන පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බව ද “අද දෙරණ“ වාර්තාකරු පවසයි.
මේ වන විට තත්ත්වය පාලනය කර ඇති අතර, ප්‍රදේශයට පොලිස් කැරලි මර්දන ඒකක ද කැඳවා තිබේ.
පසුගිය දා, අඟුලාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා අද උදෑසන 5ට පමණ පොලිස් නිලධාරින් පිරිසක් පැමිණ, ජීප් රථයකින් රැගෙන ගිය බව පවසමින් පොලිස් ස්ථානය ඉදිරිපිට දී අද ප්‍රදේශවාසීන් පිරිසක් විරෝධතාවක නිරත විය.
අප වාර්තාකරු පැවසු වේ ප්‍රදේශයට පොලිස් කැරලි මර්දන ඒකක ද කැඳවා ඇති බවය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...