දේශීය පුවත්

කොවිඩ් ව්‍යාප්තියට දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතය බෙහෙවින් බලපාන බැවින් මේ අවස්ථාවේ වහාම මත්පැන් අලෙවිසල් වසා දමා දුම්වැටි තහනම් කළ යුතු බව ශ්‍රී ලංකා දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ පවසයි.

නිරෝධායන මධ්‍යස්ථානවල සිටින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගෙන් මෙම බලපෑම සනාථවන බව පැවසූ සභාපතිවරයා අන්තරායකර ඖෂධ, මත්ද්‍රව්‍ය හෝ දුම්වැටි භාවිතය නිසා වන සිහිය විකල් වීම කෙරෝනා පැතිරවීමට ප්‍රධාන වශයෙන්ම හේතුවන බව පෙන්වා දුන්නේය.

කොරෝනා පළමු රැල්ල පැමිණි අවස්ථාවේදී එකම දුම්වැටිය හය දෙනෙක් භාවිත කිරීම හේතුකොටගෙන කොරෝනා පැතිරුණු බවත් මේ අවස්ථාවේදී තවත් එවැනි කතා අසන්නට ලැබෙන බවත් කී සභාපතිවරයා දුම්වැටිය කොරෝනා පාලනය වන තුරු තහනම් කළ යුතු බව කීවේය.

එමෙන්ම අතීතයේ සිටම මැතිවරණයක් පවතින අවස්ථාවලදී මත්පැන්වලට විශේෂ ස්ථානයක් හිමි වූ නමුත් මෙවර මත්පැන් භාවිතය පිළිබඳව දේශපාලන නායකත්වය වගකීම භාරගත යුතු බවද සභාපතිවරයා සඳහන් කළේය.

Aruna



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More