දේශීය පුවත්

පසුගිය දිනක කතරගම වන්දනාවේ පැමිණ ගිය පුද්ගලයකු කොරෝනා රෝගියකු බවට හඳුනා ගැනීම හේතුවෙන් ඔහු කතරගම පැමිණ නවාතැන් ගෙන සිටි බව කියන නිවාඩු නිකේතනය හා එහි හිමිකරු, බිරි`ද සහ සේවකයින් ඇතුළු 09 දෙනකු ඉකුත් 14 දින සිට ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා පැවසීය.

කතරගම වන්දනාවේ පැමිණි රත්මලේ පාර, දිවුලන් කඩවල පදිංචි 25 හැවිරිදි යුද හමුදා කෝප‍්‍රල්වරයකු මෙලෙස කොරෝනා ආසාදිතයකු ලෙස හ`දුනාගෙන තිබේ. මෙම හමුදා කෝප‍්‍රල්වරයා පසුගිය 07 වැනිදා කතරගම වන්දනාවේ පැමිණ අදාළ නිවාඩු නිකේතනයේ නවාතැන් ගෙන කිරිවෙහෙරට හා දේවාලයට ගොස් 08 වැනිදා ආපසු පිටත්ව ගොස් ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය වෙත දැනුම් දී ඇත. ඒ අනුව මෙම කෝප‍්‍රල්වරයා කතරගම පැමිණි මොහොතේ සිට ඇසුරු කළ පුද්ගලයන් සොයා කතරගම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විශේෂ විමර්ශනයක් ද මේ වන විට ආරම්භ කර තිබේ.

මෙම පුද්ගලයා කිරිවෙහෙරට හා දේවාලයට අමතරව සෙල්ලකතරගම හා අවට ස්ථාන කිහිපයකටම ගොස් ඇති අතර පුද්ගලයන් රැුසක් ද ඇසුරු කර තිබේ.

ඉදිරි දින කීපය තුළදී කතරගම ප‍්‍රදේශයෙන්ද තවත් ආසාදිතයින් හමු විය හැකි බැවින් සෑම පුද්ගලයකුම අත්‍යවශ්‍ය දේකට හැර නිවසින් බැහැර නොයන ලෙසත්, පුද්ගල ඇසුරු කිරීම ඉතා ප‍්‍රවේශමින් සිදුකරන ලෙසත්, මුඛ ආවරණ පැළැඳීම, ඇතුළු සෞඛ්‍ය නීති උපදෙස් පිළිපදින ලෙසත් කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා ප‍්‍රදේශවාසී ජනතාවගෙන් ඉල්ලා සිටී.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More