දේශීය පුවත්

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකරන්නේ නම් මැතිවරණය පැවැත්වීම අපහසු වනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඊයේ (15) රැස්වූ මැතිවරණ කොමිෂන් සභාවේ දී මේ පිළිබඳව අවධානය යොමු වු බවඊයේ  පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා පැවසීය.

මේ අතර මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ඊයේ තුන්වැනි දිනටත් සිදු කෙරුණි.

ආරක්ෂක හමුදා, පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අංශ සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්ද දායකයින්ට ජූලි 16 සහ 17 යන දෙදිනත්, නොවැළැක්විය හැකි හේතු මත තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින් සදහා ජූලි 20 සහ 21 දිනවලත් සිය ඡන්දය පාවිච්චි කළ හැකිය.

ඒ අතර පැෆ්රල් නිරීක්ෂකයන් අද මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නොපමාව ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට රජය පියවර ගත යුතු බවය.

ඊයේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමු වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිතයින් විසින්ද එම ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබීය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More