කොරෝනා වෛරස් ව්‍යාප්තිය පිළිබඳ සත්‍ය තොරතුරු ජනතාවට පැවසීම සෞඛ්‍ය වගකීමක් බවත් දැනට කර ඇති ඇතැම් පැහැදිලි කිරීම් ප්‍රමාණවත් නොවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.
වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“අපි එදත් කිව්වා,අදත් කියනවා ජනතාවට මේ තියන ඇත්ත චිත්‍රය පැහැදිලි කිරීමේ වගකීම තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ඒ නිලධාරීන්ට. බොරු කියනවා කියලා නෙවෙයි මේකෙන් අදහස් කරන්නේ. නමුත් පැහැදිලි කිරීම් ප්‍රමාණවත් නැහැ. දැනට පොසිටිව් වෙච්ච අය නෙගටිව් කියනවා. එහෙම වෙන්නේ ඇයි කියලා කියන්න ඕනේ. කුණ්ඩසාලේ ප්‍රදේශයෙන් රෝගීන් වාර්තා වුණා කියලා කිව්වොත් තමයි කුණ්ඩසාලේ මිනිස්සුන්ට පරිස්සම්වෙන්න පුළුවන් වෙන්නේ. ඒක ප්‍රකාශ කරන්න පරක්කු වෙන මොහොතක් පාසා ඒ ප්‍රදේශය තුළ රෝගය ව්‍යාප්ත වීමේ අවදානම වැඩියි. ඒ නිසා විශේෂයෙන් අපි ඒ කාරණය මතක් කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට. සියලුම තොරතුරු ප්‍රමාද කිරීමෙන් තොරව නිසි පැහැදිලි කිරීම් සහිතව ජනතාවට ලබා දිය යුතුයි කියන එක අපි අවධාරණය කරනවා”

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...