දේශීය පුවත්

ඉන්දීය ධීවරයින් විශාල පිරිසක් මේ දිනවල උතුරු මුහුදු තීරයේ අනවසර ධීවර කටයුතුවල නිරතවීම නිසා ශ‍්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්ට කොරෝනා වසංගතය පිළිබ`දව තවත් විශාල අවදානමක් ඇතිව තිබේ.

උතුරේ ධීවරයින් හා ධීවර අමාත්‍යවරයාද අනවසරයෙන් උතුරු මුහුදු සීමාවට පැමිණෙන ධීවරයින් අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දීම් හා ඉල්ලීම් කරන නිසා නාවික හමුදාවේ මේ කොරෝනා තර්ජනය වැඩි වී තිබේ.

දකුණු ඉන්දීය මුහුදු කලාපයේ මසුන් බෝවීමේ කාලය නිසා අපේ‍්‍රල් මස 15 වැනිදා සිට යළි දැනුම් දෙනතුරු එම කලාපයේ මසුන් මැරීම ඉන්දීය ධීවරයින්ට තහනම් කොට තිබීම හේතුවෙන් ඉන්දීය ධීවරයින්ගේ ට්‍රෝලර් යාත‍්‍රා 700ක් පමණ මේ දිනවල උතුරු මුහුදට පැමිණීමට පටන් ගෙන තිබේ.

නාවික හමුදාව මේ අනවසර ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු යොදා ඇතත් ඉන්දියාවේ මේ දිනවල කොරෝනා රෝගීන් බහුල නිසා නාවික හමුදා නිලධාරීන්ට කොරෝනා රෝගය බෝවීම සම්බන්ධයෙන් දැඩි අවදානම් සහගත තත්ත්වයක් උද්ගතව තිබේ.

මේ අතරවාරයේ ඉන්දියාවේ සිට දෙමළ සරණාගතයින් ආපසු බෝට්ටු මගින් උතුරට පැමිණීමට පටන් ගෙන ඇති අතර බෝට්ටුකරුවන් ඉන්දීය ජාතිකයින් වීමත්, පැමිණෙන පිරිස ඉන්දියාවේ සිට පැමිණීමත් නිසා ඔවුන් අත්අඩංගුවට ගන්නා නාවික හමුදා නිලධාරීන්ට කොරෝනා තර්ජනයකට මුහුණ පෑමට සිදුව තිබේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More