දේශීය පුවත්

මහ මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉහළ නායකත්වයේ වෙනසක් සිදුවීමට බොහෝදුරට ඉඩ ඇති බවත් ඒ පිළිබඳව පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතාද ඉඟි පළකර ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

තම පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ ජයග්‍රහණය නැවැත්වීමට මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ අභ්‍යන්තර මිතුරුවේශයකින් කුමන්ත්‍රණ දියත් වෙමින් පවතින බවද රෝහණ ලක්ෂ්මන් මහතා කියා සිටියේය.

“ශ්‍රී ලනිප පාක්ෂිකයන්ට අප කියන්නේ ඔබේ මවු පක්ෂය වන ශ්‍රී ලනිපයට නඟන අවලාද පිළිබඳව විචාරශීලීව කන්දෙන්න. මොකද මේ අවලාද නඟන අයගේ මවුපියන් මේ අවලාදවලට එරෙහිව ඔවුන්ගේ සොහොන්වලින් නැඟිටලා පිළිතුරු දේවි. මොකද මේ අවලාද නඟන්නේ ඔවුන්ගේ මවු පක්ෂයට.

එජාප විරෝධී බලවේගවලට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ 18ක් සමඟ එකමුතු වී ඉදිරි මැතිවරණයට අප පෙනී සිටිනවා. ඒ වගේම දිස්ත්‍රික්ක 3කට අපේ පක්ෂය අත ලකුණින් තනිව තරග කරනවා. අපට චෝදනා කරන අයට අප කියන්නේ වීදුරු ගෙවල්වල ඉඳගෙන ගල් ගසන්න එපා කියලයි.

විවිධ චෝදනා සහිත සහ දූෂිත පුද්ගලයන් අපේ පක්ෂයේ නැහැ. නමුත් අපේ පක්ෂයට චෝදනා කරන අය පිළිබඳව රටේ ජනතාව දන්නවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More