දේශීය පුවත්

කොවිඩ් 19 රෝගය පාලනය සම්බන්ධයෙන් වන විශේෂ ගැසට් පත්‍රය නිකුත් කිරීම සඳහා වන සියලු උපදෙස් ජනාධිපතිතුමන් විසින් සෞඛ්‍යය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ලබාදී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්ලයේ ආලෝක පූජාව උදෙසා වාර්ෂික කොප්පරා පූජාව අවස්ථාවට (15) සහභාගි වෙමින් ඒ මහතා ඉහත අදහස් පළ කළේය.

කොවිඩි 19 රෝග පාලනය සම්බන්ධයෙන් තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය. මේ
වන විට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව කොවීඩ් 19 රෝගීන් 532 නෙකු වාර්තා වෙලා තිබෙනවා.

ඒ අතර එහි පුනරුත්ථාපනය වන රැඳවියන් 444 ක්, එහි සේවය  කරන උපදේශකයන් හා කාර්ය මණ්ඩලයේ 64 ක් මෙන්ම ඔවුන්ගේ පවුල්වල ආශ්‍රිතයන් 24  දෙනෙකු සිටිනවා.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සියලු දෙනා මෙන්ම  කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සහ ඊට අමතරව ආශ්‍රිතයන් ද පී සී ආර්   පරීක්ෂණ සඳහා යොමුකොට තිබෙනවා. මෙය කොවීඩ් රෝගී පොකුරක් වශයෙන් මිස  දෙවන රැල්ලක් වශයෙන් හඳුන්වන්න බෑ. මේ වන විට ද අපි බොහෝ වශයෙන් මෙම රෝග ව්‍යාප්තිය පාලනය කොට තිබෙන නිසා රට හෝ පළාත් වසා දැමීමක් මේ මොහොතේ  අවශ්‍ය වන්නේ නෑ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද  රාජපක්ෂ මහතාද කොවීඩ් මර්දන විශේෂ කාර්ය බලකාය කැඳවා රෝග පාලනය සඳහා  අවශ්‍ය සියලු උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සෞඛ්‍ය අංශ  හා අදාළ සියලුම දෙනා රෝග ව්‍යාප්තිය අවම කිරීම සඳහා අවශ්‍ය සියලුම පියවර ගෙන  තිබෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ විවිධ කටකතා සම්බන්ධයෙන් ජනතාව බිය විය යුතු  නැහැ. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් සියලුම සත්‍ය තොරතුරු මාධ්‍ය හරහා  නිරන්තරයෙන් ජනතාවට ලබා දෙනවා. නමුත් ජනතාවට වගකීමක් තිබෙනවා මේ  අවස්ථාවේ මෙම රෝගය වළක්වා ගැනීම සඳහා උපරිම පියවර ගැනීමට. නිකරුණේ  අනවශ්‍ය ආකාරයෙන් ගමන් බිමන් නොයා, මුඛ ආවරණ නිසි පරිදි පැළඳ, සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කොට රෝග පාලනය සඳහා ජනතාවගේ දායකත්වය ලබා දීම අත්‍යවශ්‍යම  සාධකයක් බවට පත්ව තිබෙනවා. ඒ වගකීම රට වෙනුවෙන් ජනතාව ඉටුකළ යුතුයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More