නොපෙනන වයිරසයකට ප්‍රජාතන්ත්‍රවාදය ලොක්ඩවුන් කිරීමට ඉඩ නොතබන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ කෝට්ටේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ ඊයේ (14 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේ ද පැවසීය.
” මැතිවරණ කල් දාන්නේ ලෝකය කැරකෙන එක නැවතුණොත් විතරයි කියලා මැතිවරණ කොමිසමේ සභාපති අභීත ප්‍රකාශයක් කර තිබෙනවා. අපි එතුමාගේ නිර්භීතකම අගය කරනවා. කොරෝනා වසංගතය මැද අප්‍රේල් 15 කොරියාවත්, ජූලි 10 සිංගප්පූරුවත් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත් වූවා. ඒ රටවල් ආදර්ශයට ගෙන අපිත් අගෝස්තු 5 මැතිවරණය පැවැත්විය යුතුයි. ජුනි 20 මැතිවරණය පැවැත් වූවා නම් අදට වඩා යහපත් වාතාවරණයක ඡන්ද විමසීම පවත්වලා ස්ථාවර පාර්ලිමේන්තුවක් බිහිකරගෙන කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණ දෙන්න තිබුණා.’’

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...