දේශීය පුවත්

ඉදිරියේ දී රියදුරු බලපත් නිකුත් කිරීම ශ්‍රී ලංකා යුද හමුදාව වෙත පැවරීම සඳහා ඇති හැකියාව සොයා බැලීමට ප්‍රවාහන සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිකුත් කරන රියදුරු බලපත්‍ර සැකසීම මේ වනවිට පුද්ගලික ආයතනයක් මගින් සිදු කරයි.

රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ දී රුපියල් 1,340ක් වැනි මුදලක් ගෙවීමට මහජනතාවට සිදු වන බව වාර්තා වේ.රියදුරු බලපත්‍ර නිකුත්කිරීම 2009 දී පුද්ගලික සමාගමක් වෙත පවරන ලදී.

ඒ පිළිබඳ ව පැවති සාකච්ඡාව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, හමුදාපති ලුතිනත්  ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා අමාත්‍යාංශ ලේකම් ගාමිණී  සෙනෙවිරත්න සහභාගීත්වයෙන් පැවැත්විණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More