දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ගේ බිරිඳ වන සාවිත්‍රි සුමන්තිරන් හට ඉන්දියාවට ඇතුළුවීම තහනම් කරන ලෙස ‘ඊළාම් ශිව් සේනා’ නම් හින්දු භක්තිකයන් කණ්ඩායමක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර ​මෝදිගෙන් ඉල්ලීමක් කර ඇත. සාවිත්‍රි සුමන්තිරන් යනු අන්තර්ජාතික එවැන්ජලික සභාවේ කලාපීය නියෝජිතවරියක බවත්, ඇය ඉන්දියානු හින්දුන් රැසක් සිය ආගමට හරවා ගැනීමේ මෙහෙයුමක නිරතව සිටින බවත් අගමැතිවරයාට යොමු කළ ලිපියකින් ඊළාම් ශිව්සේනා කණ්ඩායම පෙන්වා දී තිබේ.

වි​ශේෂයෙන්ම ඉන්දියාවේ උසස් අධ්‍යාපනය හදාරන සිසුන් ඉලක්ක කරගනිමින් සාවිත්‍රි සුමන්තිරන් විසින් මෙහෙයවනු ලබන ස්වේච්ඡා සේවකයන් 30,000ක් පමණ ඉන්දියාවේ ආගම් ප්‍රචාරක කටයුතුවල නිරතව සිටින බවද අදාළ ලිපියේ සඳහන් වේ. ශිව්සේනා කණ්ඩායම පෙන්වා දෙන ආකාරයට එක්සත් රාජධානියේ මූලස්ථානය පිහිටි අන්තර්ජාතික එවැන්ජලික සභාව ඉන්දියාවේ චෙන්නායිහි කිල්පෝක් නගරයේසිට ක්‍රියාත්මක වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More