කොවිඞ් 19 වෛරස රෝගයේ දෙවැනි රැල්ල රට තුළ ඇතිවීම වළක්වා ගැනීමට නම් වහාම රට පුරා අහඹු ලෙස පුද්ගලයන් තෝරාගෙන පීසීආර් පරීක්‍ෂණ සිදුකළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ඒ අනුව දිනකට පී.සී.ආර්. පරීක්‍ෂණ 2500 ක් පමණ සිදු කළ යුතු බවත් ඉන් රෝගය පැතිර යෑම හඳුනා ගත හැකි බවත් පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එමගින් රට පුරා පොකුරු ලෙස රෝගීන් ඇතිවීම හා දෙවැනි රැල්ලක් ඇතිවීම වළක්වාගත හැකි බවත් පවසයි.
රටම ආවරණය වන පරිදි විද්‍යාත්මක පදනමකට අනුව තෝරාගත් අහඹු නියැදි පී.සී.ආර්. පරීක්‍ෂණයට යොමු කිරීමෙන් රෝගයේ සැබෑ ව්‍යාප්තිය පිළිබඳව හඳුනා ගැනීමෙන් ජනතාව තුළ ඇති අවිනිශ්චිත භාවය දුරු කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...