දේශීය පුවත්

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමග එය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග උපරිම වශයෙන් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාරත්මේන්තුව සඳහන් කළේ අදාළ ආසාදිතයින් හඳුනාගෙන පරීක්ෂණ හා නිරෝධායන ක්‍රියාවලිය සිදුවන අතරතුර සාවද්‍ය ප්‍රචාර පැතිරවීමට ඇතැම් පිරිස් කටයුතු කරන බව පෙනී යන බවයි.

මේ හේතුවෙන් විවිධ ආයතන වසා දැමීමට කටයුතු කරන බව ඇතුළු විවිධ අසත්‍ය තොරතුරු සමාජගත කරන ආකාරය දැකිය හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම තත්ත්වය මත රජය විසින් නිවාඩු දින ප්‍රකාශයට පත් කිරීමට හා ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කරන බවට විවිධ අසත්‍ය තොරතුරු ඇතැම් පාර්ශ්වයන් විසින් අඛණ්ඩව සමාජගත කරමින් සිටින බව පෙනී යන බව ද එම නිවේදනයේ සඳහන් ය.

නමුත් මේ දක්වා එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බව රජය අවධාරණය කරයි.

මෙවැනි සාවද්‍ය තොරතුරු සමාජගත කිරිමේ අරමුණින් ජනතාව නොමග යවමින් සමාජය තුළ අනවශ්‍ය කැළඹීම් ඇති කරන පිරිස් සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණ පවත්වන්නැයි, රජය අදාළ අංශවලට උපදෙස් දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More