දේශීය පුවත්

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසන පරිදිම ඔවුන් පසුගිය වසර පහ තුළ රටේ ආර්ථිකය හිඟන ආර්ථිකයක් බවට පත්කර ඇති බව හිටපු මහ බැංකු අධිපති අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

කබ්රාල් මහතා මේ බව සඳහන් කළේ අද (14) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

2006 සිට 2014 දක්වා කාලය තුළ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 6.8%ක මට්ටමක පැවති අතර එය 2015 සිට 2019 වන විට 2.3% දක්වා අඩු කර තිබෙන බවත් එය ගෙවුණු වසර පහ තුළ වසරක් පාසා අඩුකරමින් පැමිණ ඇති බවයි කබ්රාල් මහතා පෙන්වාදුන්නේය.

රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 79.4ක් ලෙස වසර 09ක් තුළ බිලියන 55කින් වැඩි වී තිබෙන නමුත් පසුගිය වසර පහ තුළ වර්ධනය කරගැනීමට හැකි වී තිබෙන්නේ බිලියන පහකින් පමණ බවද හෙතෙම කියා සිටියේය.

වසර පහක් තුළ ඒක පුද්ගල ආදායමද ඔවුන්ට වැඩි කරගැනීමට හැකි වී තිබෙන්නේ ඩොලර් 36කින් පමණක් බවයි හිටපු මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

මෙවැනි තත්ත්වයක් මත රනිල් වික්‍රමසිංහ මහතා රටට අත්කර දුන් හිඟන ආර්ථිකයේ ස්වභාවය පැහැදිලිවන බව ඔහු අවධාරණය කරන ලදී.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More