දේශීය පුවත්

ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකින් කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් දෙදෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක චමින්ද සමරදිවාකර ප්‍රකාශ කර සිටි. මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ උප්දෙෂකවරයෙකුට සහ ඔහු සමග එහි ගිය රියදුරෙකුටයි.

මෙම දෙදෙනා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට යලි පැමිණි අයවළුන් වන අතර රියදුරා වශයෙන් කටයුතු කර තිබෙන ගම්පහ, ටිකිරිරාජ මාවතේ පදිංචි පුද්ගලයා පසුගිය 07 වෙනිදා ගම්පහ අධිකරණයේ පැවති නඩු විභාගයකට අදාලව විවෘත අධිකරණයේදී සාක්ෂි පවා ලබාදී ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.

පසුව ඔහු සිය බිරිඳ සමග මහරගම පිළිකා රෝහලටද ගොස් ඇති බවට හෙළිව ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක චමින්ද සමරදිවාකර සඳහන් කළේය.

රියදුරා වශයෙන් කටයුතු කළ කොරෝනා ආසාදිත පුද්ගලයා ස්ථාන රැසක සංචරණය කොට ඇති බවත් ඔහු ප්‍රිය සම්භාෂණ කිහිපයකට ද සහභාගිව ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයා ගනේමුල්ල ප්‍රදේශයේ පිහිටි දාන නිවසකට ද ගොස් ඇති බවට කරුණු අනාවරණය කොට ගෙන ති්.

කන්දකාඩු මධ්‍යස්ථානයේ රෝගීන් වාර්තා වීමත් සමග ඔවුන් දෙදෙනා නිවසේ දී ස්වයං නිරෝධායනයට යොමු කොට සිදුකළ PCR පරීක්ෂණ වලදී ඔවුන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ති්.

මෙම පුද්ගලයින් දෙදෙනා ගේ සමීප ආශ්‍රිතයින් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් තවමත් සොයමින් සිටින බවත් මේ දක්වා පවුල් 13 කට අයත් පුද්ගලයින් 50 කට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කොට ඇති බවයි ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක චමින්ද සමරදිවාකර සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More