“ඉදිරි දින කිහිපය තුළ සමාජය තුළින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් වාර්තා වීමේ යම් අවදානමක් පවතිනවා“ යැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
මේ හේතුවෙන් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ලබා දී ඇති සෞඛ්‍යාරක්ෂිත උපදෙස් ඒ ආකාරයෙන්ම අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදුකරමින් යුද හමුදාපතිවරයා පැවසුවේය.
“ මේ සතිය ඉතාමත් වැදගත් වනවා. සතිය තුළ රටේ ජනතාවට කියන්නේ, එළියට යම් කොටසක් ඇවිල්ලා හිටියා මේ ගැන නොදැන නිවාඩු ඇවිල්ලා ඉඳලා. කන්දකාඩුවල වාර්තා වෙනකොට ම අපි ඔක්කෝම ඇතුළට ගත්තා. නමුත් ඔවුන් සමාජයේ ගැටුණ තැන් තියෙනවා. ඒ නිසා මේක සමාජයට යන්නේ නැහැ කියලා කාටවත් කියන්න බැහැ. “
සියලු දෙනා බොහෝ කැපකිරීම් කර රැකගත් මේ තත්ත්වය තවදුරටත් පවත්වා ගැනීම සඳහා සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපැඳීම ඉතා වැදගත් බව ද යුද හමුදාපතිවරයා පැවසීය.
“යම්කිසි අවදානමක් ඊළඟ දින තුන හතර පහ තුළ තිබෙනවා“ යනුවෙන් ද පැවසු යුද හමුදාපතිවරයා, “මුඛ ආවරණය නිකට ආවරණයක් කර නොගෙන, අපි රැකෙන්න. ආසාදිතයෙක් නොවෙන්න. තව අයෙක් ආසාදිතයෙක් බවට පත් නොකරන්න කටයුතු කරන්න “ යැයි ඉල්ලා සිටින බව ත් හමුදාපතිවරයා මෙහි දී කියාසිටියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...