ක්‍රීඩා පුවත්

කේප් ටවුන් හී දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්‌ට්‌ තරගයේදී පන්දුව පළුදු කළ බවට වැරදිකරු වූ ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ නායක ස්‌ටීවන් ස්‌මිත් සිය වසරක තරග තහනමෙන් පසුව මාධ්‍ය හමුවේදී ඉකි ගසා අඬමින් එම සිදුවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය.

ලෝකය පුරා සිටින මාගේ ක්‍රිකට්‌ ලෝලීන්ගෙන් මෙන්ම ක්‍රිකට්‌ ප්‍රජාවගෙන්ම මම සමාව ඉල්ලා සිටිනවා. මේක මගේ අතින් සිදුවූ අත්වැරැද්දක්‌. සියලු සිදුවීම මම අපේ ක්‍රිකට්‌ ප්‍රධානියාට දන්වා සිටිනවා. මගේ නායකත්වය යටතේ මෙවැනි දෙයක්‌ සිදුවීම මගේ අසමත්වීමක්‌. මගේ වැරැද්ද වෙනුවෙන් ඕන දෙයක්‌ කරන්න මම සූදානම්. මේ සියලු දේ ගැන කාටවත් වැරැද්දක්‌ පටවන්නේ නැහැ. මොකද මගේ අනුදැනුම මත තමයි සියලු දේ සිදුවුණේ. යෑයි ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ නායකයා පැවසීය.

මගේ ජීවිතයේ ඉදිරි කාලයට මේ සිදුවීම හොඳ පාඩමක්‌. කාලයාගේ ඇවෑමෙන් මට ගෞරවය සහ සමාව ලබා ගන්න පුළුවන් වෙයි. නමුත් මගේ ජීවිතයේ ලැබුණ හොඳම දේ තමයි ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම නියෝජනය කිරීම සහ නායකත්වයට පත්වීම. මේ සිද්ධියෙන් මම සම්පුර්ණයෙන්ම විනාශයට පත්වුණා. යෑයි ලොව අංක එකේ ටෙස්‌ට්‌ පිතිකරුවා වන ස්‌මිත් වැඩිදුරටත් පැවසීය.

මට ගොඩක්‌ ලැඡ්ජයි – කැමරන් බ්‍රැන්කට්‌

පන්දුව පළුදු කළ කැමරන් බ්‍රැන්ක්‍රොෆ්ට්‌ද පර්ත් හී සිට මාධ්‍ය හමුවක්‌ අමතමන් සිය සමාව භජනය කර සිටියේය. ඔව් මම බොරු කිව්වා. ඒ තුළ මම දැඩි කම්පනයට පත්වුණා. මේ ගැන මම ඉතාමත් කනගාටුයි. මගේ රටට සහ ක්‍රිකට්‌ ක්‍රීඩාවට මම ආදරය කරනවා. මගේ ක්‍රියාව ගැන අතිශයින්ම කලකිරීමට පත්වෙනවා. මේ ගැන මම ලැඡ්ජාවට පත්වෙනවා. විශේෂයෙන් ක්‍රිකට්‌ ගහන පොඩි ළමයින්ගෙනුත් මම මේ සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලනවා. යෑයි ඔහු සඳහන් කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More