දේශීය පුවත්

සංචාරකයන් සඳහා ගුවන්තොටුපොළ ඉදිරියේදී විවෘත වුවද සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි නොවූ සංචාරක හෝටල් හිමියන්ට එම සංචාරකයන් සඳහා නවාතැන් පහසුකම් ලබාදීමට හැකියාවක් නැතැයි උණවටුන හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති රූපසේන කොස්වත්ත පවසයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි හෝටල් සඳහා පමණක් නවාතැන් දීමට අනුමැතිය ලබාදුන්නද, උණවටුනේ පවත්වාගෙන යන බොහෝමයක් හෝටල් එසේ ලියාපදිංචි කර නොමැති බවද ඔහු පවසයි.

වසර පනහකට ආසන්න කාලයක් ගම්මුන් විසින් ගොඩනගාගත් උණවටුන සංචාරක කලාපයට සංචාරකයන් ඇදී ආවේ එහි සුන්දරත්වය මෙන්ම ගම්මුන්ගේ ආචාරශීලීත්වය නිසා බවද හෙතෙම කීවේය. සංචාරක මණ්ඩලය මැදිහත්ව ගෙන එන නියාමන කුඩා පරිමාණයේ ව්‍යාපාරිකයන්ට දරාගත නොහැකි බව ඔහු පැවැසීය. කෙසේ නමුත් ව්‍යාපාර නාම ලියාපදිංචිය, ප්‍රාදේශීය සභා වෙළෙඳ බලපත්‍රය මෙන්ම පරිසර බලපත්‍රයද මෙකී ව්‍යාපාරිකයන් සතුව පවතින බවද හෙතෙම සඳහන් කළේය.

මේ පිළිබඳව අප සංචාරක මණ්ඩලයෙන් කළ විමසීමකදී එහි නිලධාරියෙක් සඳහන් කළේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ අනුගමනය කිරීමට තම ආයතනය බැඳී සිටින බවයි. එමෙන්ම ලියාපදිංචි නොකළ හෝටල් සඳහා මාස හයක තාවකාලික ලියාපදිංචිය ලබාගත හැකි බවත්, ඒ ඒ ව්‍යාපාරවල ප්‍රමාණය සහ ස්වභාවය අනුව ලියාපදිංචිය සිදුකරන ආකාරය වෙනස් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More