දේශීය පුවත්

කොරෝනා වැලදී ඇතිදැයි පරීක්ෂාව සදහා ඇතුලත් කල හෙරොයින් වරදකට සම්බන්ධව බන්ධනාගාර ගත කොට සිටි  රැඳවියෙකු රෝහලෙන් පැනයාමට යාමෙදී එහි 8 වන මහලෙන් ඇද වැටී ජිවිතක්ෂයට පත්ව තිබේ.

මෙම රැඳවියා PCR පරීක්ෂණය සඳහා මීගමුව බන්ධනාගාරයේ සිට මීගමුව රෝහලට මාරු කොට තිබෙන බවයි රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ශ්වසන මාර්ගයේ ඇතිව තිබු රෝගී තත්ත්වයක් නිසා මෙම රැඳවියා ඉකුත් 12 වෙනිදා මිගමුව බන්ධනාගාරයේ සිට රෝහලට රැගෙනවිත් තිබු අතර ඔහු බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකුගේ ආරක්ෂාව යටතේ පසුව සිට ඇති බව සඳහන්.

ඊයේ රාත්‍රී 12.30ට පමණ අදාළ රැඳවියා අතුරුදහන් බවට වාර්තා වීමත් සමග පොලිසිය සහ රෝහලේ ආරක්ෂක නිලධාරින් ඒ පිලිබඳව සොයා බැලීමේදී මෙලෙස ඔහු බිමට ඇද වැටී මියගොස් සිටියදී හමුව තිබේ.

මෙම රැඳවියා වයස අවුරුදු 34ක් පමණ වන අයෙක් බවත් ඔහුගේ PCR පරීක්ෂණ වාර්තාවේ ප්‍රථිපල අද දිනයේදී ලැබීමට නියමිතව ඇති බවයි මිගමුව රෝහලේ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More