දේශීය පුවත්

සහරාන්ගේ සහෝදරයින් ඇතුළු පිරිසක් රැදී සිටි අම්පාර සයින්දු මරුදුහී පිහිටි නිවසක් හමුදාව විසින් වටලා දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් සිදුවන අතරතුර එම නිවසේ රැදී සිටි පාස්කු ප්‍රහාරයෙන් පසු දෙවැනි ප්‍රහාරයකට සූදානමින් සිටි කාන්තාවක් ආරක්ෂිතව එම ස්ථානයෙන් පිටවූ බවට තොරතුරු අනාවරණය වී ඇත.

සාරා නමැති එම කාන්තාවට පලායාමට සහය දුන් බවට සැකපිට අම්පාර පොලිස් ගරාජයේ ස්ථානාධිපතිවරයා අද  අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ කොළඹ අපරාධ කොට්ඨාශයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසිනි.

එම නිලධාරියා අක්කරෙයිපත්තුවේ පදිංචිකරුවෙකි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරන ජනාධිපති කොමිසමේ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

එම නිවසින් පැනගොස් ඇත්තේ කටුවපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලකළ මොහොමදු හස්තූන් නැමැත්තාගේ බිරිද වන පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් සාරා නැමැත්තියයි.

ඇය උපතින් දෙමළ ජාතික කාන්තාවක් වන අතර ඇය පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් මුස්ලිම් තරුණයෙකු විවාහ කර මුස්ලිම් කාන්තාවක් බවට පත්කළ බව ඇගේ දෙමාපියන් පාස්කු ප්‍රහාරයෙන් පසුව අනාවරණය කළේය.

ඇය දෙවැනි ප්‍රහාරයකට සූදානමින් සිටි තැනැත්තියක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විමර්ශකයන්ට හෙළිවිය.

ගිරිඋල්ලේ පිහිටි රෙදිපිළි සාප්පුවකින් පාස්කු ප්‍රහාරයට දින දෙකකට පෙර රුපියල් 29000 ක සුදු ඇදුම් මිලදී ගැනීමට මුල්වී ඇත්තේද ඇය බව විමර්ශන වලින් එකළ අනාවරණය විය.

2019 අප්‍රේල් 26 වෙනිදාය. එදින එම නිවසට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හෝ හමුදා සාමාජිකයින්ට ඉඩක් නොලැබිණි. නිවස දෙසින් හමුදා භට පිරිස් වෙත වෙඩි ප්‍රහාරයන් එල්ල විය. දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවීම් පැය ගණනක් පුරාවට පැවැති අතර අවසානයේදී නිවස තුළ පිපිරීම් කිහිපයක් සිදුවිය.

ඊට පසුදින හමුදා භට කණ්ඩායම් නිවස සෝදිසි කිරීමේදී මළ සිරුරු 14 ක් හමුවී තිබුණි. සහරාන්ගේ බිරිද සහ දියණිය එම පිපුරුමෙන් දිවි ගලවාගත් අය අතර සිටියේය. මිය ගිය 14 දෙනා අතර කුඩා දරුවන්ද සිටි අතර සිරුරු බොහොමයක්ම හදුනා ගැනීමට නොහැකි වන අයුරින් විනාශ වී තිබුණි. සහරාන්ගේ සහෝදරයින් වන රිල්වාන් සහ සෙයිනිද සහරාන්ගේ නැගණියද , ඇගේ සැමියාද, සහරාන්ගේ පියාද මියගිය අය අතර සිටි බව කියැවිණි.

මියගිය අයගේ නම් ලැයිස්තුවේ සාරාගේ නමද විය. එහෙත් එම ස්ථානයෙන් හමුවූ මළ සිරුරු ඩී.එන්.ඒ. පරීක්ෂණයකට යොමු කළද සාරාගේ දෙමාපියන්ගේ ඩී.එන්.ඒ. රටාවට සමාන ඩී.එන්.ඒ. රටාවක් ඇති මළසිරුරක් එහි තිබී හමුවී නැත. ඒ අනුව අවසාන මොහොතේත් සයින්දු මරුදු නිවසේ සිටි සාරාට සිදුවූයේ කුමක්දැයි විමර්ශකයන්ට අභිරහසක් විය.

එම අභිරහස විසදමින් සාරාට සිදුවූයේ කුමක්දැයි බුද්ධි අංශ හෙළිකර ගන්නේ පාස්කු ප්‍රහාරයෙන්
වසරකට පසුවය. බුද්ධි අංශ වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව මේ වන විට සිටින්නේ ඉන්දියාවේය.

එදා හමුදාව සයින්දු මරුදු නිවස වටකර දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුව සිදුවන අතර තුර යතුරු පැදියක් එම නිවස ආසන්නයෙන් ගමන් කර ඇති බවත් සාරා පළායන්නට ඇත්තේ එම යතුරු පැදියේ නැගී වන්නට ඇති බවත් බුද්ධි අංශ සැක මතු කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කල්තියා ඉන්දියාවේ රෝ ඔත්තු සේවයෙන් ලද බව කියන විදෙස් බුද්ධි තොරතුර හා සාරා අතර යම් සම්බන්ධයක් ඇති බවත් සරා එම විදෙස් බුද්ධි අංශයේ ඔත්තුකාරියක් බවටත් මේ වන විට දැඩි සැකයක් මතුව තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් පසුවත් ඇය එම කල්ලියේ සිටින්නට ඇත්තේ දෙවැනි ප්‍රහාරය ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට විය හැකි බවට සැකයක්ද මතුවී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More