දේශීය පුවත්

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද්මිරාල් ධුරයට උසස් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ උසස්වීම් සිදුකර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුර සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.

අද (14) සිට ක්‍රියාත්මක වන පරිදි පියල් ද සිල්වා මහතා අද්මිරාල් ධුරයට උසස් කර තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා වන අද්මිරාල් පියල් ද සිල්වා මහතා වසර 36ක සේවා කාලයක් නිමකරමින් හෙට දිනයේ සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

ඒ අනුව අද දිනයේ දී නාවික හමුදාපතිවරයා සිය ධුරයෙන් විශ්‍රාම ගැනීම සනිටුහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් මුණගැසීමට නියමිතව තිබේ.

මීට අමතරව අද දිනයේ දී නාවික හමුදාපතිවරයා, යුධ හමුදාපතිවරයා, ගුවන් හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතයි.

අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඊයේ (13) දිනයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා මුණගැසුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More