දේශීය පුවත්

මැතිවරණයට අදාළ සෞඛ්‍ය උපදෙස් ගැසට් නොකළහොත් මැතිවරණය පැවැත්වීම අසීරු වනු ඇතැයි දැඩිව ප්‍රකාශ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය. සභාපතිවරයා මේ බව සඳහන් කළේ වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (13දා) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ප්‍රදේශයේ දින දාහතරක නිරෝධායන කටයුතු අවසන් කළ වහාම තැපැල් ඡන්දය විමසීමේ කටයුතු ආරම්භ කරන බවත් සඳහන් කළ ඔහු ප්‍රදේශයේ පවතින තත්ත්වය මත තැපැල් ඡන්ද විමසීමේ කටයුතු කල් තැබීමට සිදු වූ බවද සඳහන් කළේය.

සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් මගින් ප්‍රකාශ නොකර මුව ආවරණ පලඳින්න, අත්සෝදන්න, මීටරය දුරින් සිටින්න කියා ජනතාවට ප්‍රකාශ කිරීම පලක් නොවන ක්‍රියාවක් බවත් එය අනිවාර්‌යෙන්ම ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ යුතු දෙයක් බවත් සඳහන් කළ සභාපතිවරයා,

“කොරෝනා වයිරසයේ දෙවන රැල්ලක් නිර්මාණය වීමේ අවදානමක් ඇතැයි කියා අප විශ්වාස කරන්නේ නැහැ. අවදානම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු අප කරගෙන යනවා. අවදානම වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය උපදෙස් හා සමාජ දුරස්ථභාවය පිළිපැඳීමෙන් එය වළක්වා ගත හැකියි. සෑම ඡන්ද රැස්වීමක හා සිදුකරන සෑම කාර්යකදීම සෞඛ්‍ය උපදෙස්වලින් කරුණුවලින් දෙකක් හෝ පිළිපඳිනවානම් අපට පුළුවන් මේ අවදානම තුරන්කරන්න.

අප ජනතාවගෙන් හා දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටින්නේ මේ අවදානම තුරන් කිරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රියාකරන්න කියා. අනික් අතට කියා නොපමාව සෞඛ්‍ය මාර්ගෝපදේශක ගැසට් මගින් ප්‍රකාශයට පත්නොකර බොරුවට මුව ආවරණ පලඳින්න, අත්සෝදන්න, මීටරය දුරින් ඉන්න කියා කිව්වට වැඩක් වන්නේ නැති වගත් අපි බලධාරීන්ට කියනවා යැයි ද කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More