දේශීය පුවත්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔවුන් අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය මහා පරිමාණයෙන් හෙරොයින් ජාවාරම්කරුවන්ට අලෙවි කිරීම සහ ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට බෝට්ටු මගින් හෙරොයින් තොග රට තුළට ප‍්‍රවාහනය කර ජාවාරම් කිරීම සම්බන්ධයෙන් තමන් දන්නා සියලූ තොරතුරු අනාවරණය කිරීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටි සිවිල් පුරවැසියන් හතර දෙනෙකුගේ රහස් ප‍්‍රකාශ සටහන් කිරීම සඳහා ඔවුන් අද (14 වැනිදා) පෙරවරුවේ සිය නිල මැදිරියට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

එම ස්වාධීන සාක්‍ෂිකරුවන් හතර දෙනා එම ජාවාරම සම්බන්ධයෙන් ඔවුන් දන්නා තොරතුරු රහස්‍ය ප‍්‍රකාශ ලෙස ලබාදීමට කැමැත්තෙන් සිටිනා බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයට කරුණු දැක්වූ අතර ඒ අනුව ඔවුන් සිව්දෙනා සිය නිල මැදිරියට කැඳවූ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය ඒ බව සනාථ කර ගැනීමෙන් අනතුරුව එම නියෝගය කළාය.

පසුගිය දිනෙක හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගය මත රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන පරෙවි සුදා නැමැත්තාගේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බන්ධනාගාර නිලධාරීන් ඉදිරියේ ප‍්‍රකාශ ලබා ගැනීමට අවසර ලබාදෙන ලෙසටද ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය එහිදී වැලිකඩ බන්ධනාගාර ආධිකාරිවරයාට නියෝග කළාය.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සැකපිට මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොග අලෙවි කිරීම සඳහා පරෙවි සුදා නමැති එම සැකකරුට ලබාදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පෙන්වා දෙමින් විමර්ශන නිලධාරීන් කළ කරුණු දැක්වීම සලකා බැලූ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය එම නියෝගය කළාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More