දේශීය පුවත්

කන්දකාඩුවේ කෙඩෙට් නිලධාරියකුටත් කොරෝනා

පන්සියයකට අධික රෝගීන් සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වී ඇති කන්දකාඩු කොරෝනා පොකුර එක්වරම මතු වූයේ පසුගිය කාලයේ ජාඇල සුදුවැල්ල ප‍්‍රදේශයෙන් නිරෝධායනයට රැුගෙන ගිය මත්ලෝලීන් කණ්ඩායමක් නිරෝධායන කටයුතු අවසානයේ පුනරුත්ථාපනය ස`දහා කන්දකාඩු පුනරුත්ථාපන ක`දවුරට යොමු කිරීම හේතුවෙන් විය හැකි බවට සෞඛ්‍ය අංශ සැක පළ කරයි. 04 – පිිටුවට

මෙම පිරිස නිරෝධායනයෙන් පසුව පීසීආර් පරීක්‍ෂණ පවා සිදුකර පුනරුත්ථාපනය ස`දහා යොමු කළද එම පරීක්‍ෂණවලට හසු නොවී එක් අයකුට හෝ ශරීරගතව තිබූ වෛරසය නැවත සකී‍්‍රය වීමෙන් මෙම අවාසනාවන්ත තත්ත්වය ඇතිවූවා විය හැකි බව සෞඛ්‍ය අංශවල මතය වී තිබේ.

මේ වන විට කන්දකාඩු කොරෝනා පොකුරේ සමීපතමයන් සමාජය තුළ සංචරණය කර ඇති බැවින් වෛරසය සමාජය තුළ පැතිරී යෑමේ අවදානමක් මතුවී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ස`දහන් කරයි.

පවතින තත්ත්වය කෙසේ හෝ පාලනය කර ගැනීමේ එක් පියවරක් ලෙස පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන හතරක දැනට නිරෝධායනයට ලක් කර සිටින පුද්ගලයන් 300 කගේ පමණ පීසීආර් පරීක්‍ෂණ ඊයේ (13 වැනිදා) දිනය තුළ සිදු කිරීමට පොලොන්නරුව දිස්ති‍්‍රක් වසංගත රෝග විද්‍යා අංශය පියවර ගෙන තිබිණි.

ගාල්ල, මොනරාගල, අඟුණකොළපැලැස්ස යන බන්ධනාගාරවල සිට නිරෝධායනය සඳහා රැුගෙන ආ රැුඳවියන් පිරිසකට සහ කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි 114 දෙනකුගෙන් යුතු පිරිසකට මෙසේ පීසීආර් පරීක්‍ෂණ සිදු කර ඇත.

මෙම පිරිස දැනට කටුකැලියාව, දම්මින්න සහ මාදුරුඔය යන ප‍්‍රදේශයන්හි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානවල ර`දවා සිටිති.

මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ රත්නපුර, කුරුවිට සහ ඇහැළියගොඩ නිලධාරීන් තිදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව අනාවරණය වීම හේතුවෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු සමීපතමයන් 72 දෙනකු නිවෙස් තුළම නිරෝධායනයට ලක් කිරීමට සබරගමුව පළාත් සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

පැල්මඩුල්ල කිරිවැල්දෙණිය විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා පස්නමක්ද මෙසේ නිරෝධායනයට ලක් කළ පිරිස අතර සිටිති.

මේ නිලධාරීන් තිදෙනා අතරින් එක් නිලධාරියකු කහවත්ත ඇන්දාන ජම්බුගස්ගුලන ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරි`දගේ නිවසට ගොස් දින කිහිපයක් එහි ගත කිරීම නිසා එම ප‍්‍රදේශයේ නිවාස හතරක සහ වෙළෙ`දසල් දෙකක පුද්ගලයන් 20 දෙනකුද නිවෙස් තුළ නිරෝධායනයට ලක් කර ඇත.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ රත්නපුර ගනේගොඩ ප‍්‍රදේශයේ පදිංචි කෙඩෙට් නිලධාරියකුට ද මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හෙළි වී ඇති අතර ඔහු රත්නපුර ප‍්‍රදේශයේ පාසලක ගුරුවරයකු ලෙස කටයුතු කර ඇති බවද අනාවරණය වී තිබේ.

එම පාසලේ කෙඩෙට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ඔහු කටයුතු කර ඇත.

Divaina

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More