විදේශ පුවත්

මෙතෙක් ගෝලීයව හඳුනාගත් වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන් ගණන ගතවූ පැය විසි හතරේදී වාර්තා විය.

අද වන විට ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන එක්කෝටි තිස් ලක්ෂය ඉක්මවා යද්දී සිදුව ඇති මරණ සංඛ්‍යාව පන් ලක්ෂ හැත්තෑ එක්දහස පසු කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වැඩිම ආසාදිතයන් පිරිසක් ඊයේ (12) වාර්තාවී ඇත්තේ අමෙරිකාව, බ්‍රසීලය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල් වලිනි.

වසංගතයෙන් ලොව තෙවනුවට වැඩිම බලපෑම් එල්ලවූ ඉන්දියාවේ ආසාදිතයන් ගණන අට ලක්ෂ හැත්තෑ නවදහස ඉක්මවා ඇත.

තම ආසාදිත බිරිඳ අයිශ්වර්යා රායි සහ දියණිය ආරාධ්‍යා නිවසේදීම ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව බොලිවුඩ් නළු අභිෂේක් බච්චන් නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන්.

බච්චන් පවුලට සුවය පතා ඔවුන්ගේ රසිකයන් ආගමික වතාවත්වල නිරත විය.

ජනප්‍රිය බොලිවුඩ් නළු අනුපම් කේර්ගේ මව හා සහෝදරයාටද කොවිඩ් ආසාදනයවී ඇති අතර අනුපම් කේර්ට වෛරසය ආසාදනයවී නැති බව වාර්තා වේ.

රංගන ශිල්පිනී රේඛාගේ ආරක්ෂක නිලධාරියෙක් කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීමත් සමග ඇගේ නිවසේ කොටසක් මුද්‍රා තබා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More