පුරවැසි කොලම

අපගේ සිරුරේ ප‍්‍රතිශක්තිය ළමාවියෙන් වර්ධනය වීම  පටන්ගෙන තරුණවිය වන විට උපරිම මට්ටමට පත්වනවා. ඉන්පසු ක‍්‍රමක‍්‍රමයෙන් වයසට යන විට ප‍්‍රතිශක්තිකරණ පද්ධතියේ ක‍්‍රියාකාරීත්වය දුර්වලවීමට පත්වෙනවා. එසේම දියවැඩියාව, වකුගඩු රෝග ආදිය නිසාත් එච්.අයි.වී. වැනි වෛරස රෝග නිසාත් ඇඳුම වැනි නිධන්ගත රෝග නිසාත් සිරුරේ ප‍්‍රතිශක්තිය අඩුවෙනවා

කොවිඞ් 19 වෛරස රෝගය ලොව පුරා වසංගතයක් ලෙස පැතිරයන්නට පටන් ගැනීමත් සමග අපට යළි අප ශරීරයේ ප‍්‍රතිශක්තිය ගැන සිහිපත් කරගන්නට සිදුව ඇත. සිරුරේ ප‍්‍රතිශක්තිය දුර්වල පුද්ගලයනට මෙම රෝගය වැළඳීමේ ඉඩකඩ වැඩි බව වෛද්‍යවරු සඳහන් කිරීමත් සමග බොහෝ දෙනා තම සිරුරේ ප‍්‍රතිශක්තිය වැඩිකර ගැනීම කෙරෙහි වෙනදාට වඩා උනන්දුවක් දක්වන්නට පටන්ගෙන ඇත. ඒ සඳහා විවිධ ආහාරපාන ගනිති. ඖෂධ වර්ග පානය කරති. එක් අයුරකින් මෙය හොඳ පුරුද්දකි. මෙවැනි පසුබිමක අප සිරුරේ ක‍්‍රියාත්මකවන ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය පිළිබඳවත් යම් අවබෝධයක් ලබාගැනීම වැදගත්ය.

suwa20 2

වෛද්‍ය තුමනි අප සිරුරේ අපට උරුමව ඇති ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ක‍්‍රියාකරන්නේ කෙසේද?

අප සිරුරට බාහිරින් ඇතුළුවන රෝගවලට සහ විෂබීජවලට එරෙහිව ක‍්‍රියාකරන ආරක්ෂක පද්ධතියක් ඇත. එයට ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය කියා හඳුන්වනු ලබනවා. එය ක‍්‍රියාත්මක වන ආකාරය කොටස් දෙකකට බෙදා වෙන්කර දැක්විය හැකියි.

කිසියම් විෂබීජයකට විශේෂ නොවී පොදුවේ සිරුරට බාහිරින් ඇතුල්වන විෂ බීජවලට එරෙහිව ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ක‍්‍රියා කිරීම (Innate immune system) සහ ප‍්‍රතිදේහ ජනකවලට (Antigen) විරුද්ධව ඊටම විශේෂිත වූ ප‍්‍රතිශක්තියක් ශරීරය තුළ ඇතිවීම (specific immunity) ලෙසින් අපගේ ප‍්‍රතිශක්ති පද්ධතිය ආකාර දෙකකට ක‍්‍රියාකරනවා.

බාහිරින් ඇතුල්වන විෂබීජවලට එරෙහිව  ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ක‍්‍රියාකිරීම(Innate immune system)

අපගේ ශරීරයට බාහිරින් නොයෙකුත් විෂ බීජ ඇතුළුවේ. එම විෂ බීජවලට එරෙහිව ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය ක‍්‍රියාත්මකවන අයුරු උදාහරණ කිහිපයකින් විමසා බලමු. එහිදී අපගේ සිරුරේ විශාලතම ඉන්ද්‍රියවන සම ක‍්‍රියාකරන ආකාරය මෙසේය. සම අපට පිටස්තර ආවරණයක් ලෙස ක‍්‍රියාකරයි. එනිසා සම තුළින් සිරුරට ඇතුළු විය හැකි විෂබීජ විනාශ කිරීමට සම ඇතුළත විශේෂ භක්‍ෂාණු (Macrophage) පවතිනවා. එමගින් සිරුරට බාහිරින් ඇතුළුවන බැක්ටීරියා, වෛරස ආදිය කාදමමින් (භක්ෂණය කරමින්) ඒවා විනාශ කරනවා. ඊට අමතරව සම වියළීමට ලක්ව කැඞීයෑමට ඉඩ නොදී නීරෝගීව පවත්වා ගැනීමට ස්නේහ ශ‍්‍රාවීය ද්‍රව්‍යයන් නිපදවා ශ‍්‍රාවය කරනවා. මෙලෙස බාහිරින් සිරුරට ඇතුල්වන විෂබීජවලට එරෙහිව පොදුවේ ක‍්‍රියාකරන තවත් අවස්ථාවක් ලෙස ශ්ලේෂ්මල පටක දැක්විය හැකියි. ශ්ලේෂ්මල පටලවලින් මුඛය, ස්වසන පද්ධතිය, බඩවැල් ආදිය ආස්තරනයට ලක්කරමින් විෂ බීජවලින් ආරක්ෂා කරනවා. එසේම ශ්ලේෂ්මල ද්‍රව්‍ය ශ‍්‍රාවය කරමින් ඒවායේ ඇති විවිධ රසායන ද්‍රව්‍ය මගින් විෂබීජ විනාශ කරනු ලබනවා. ඊට අමතරව ස්වසන පද්ධතියේ නාසයේ සිට පෙනහළු දක්වා පහළට පක්ෂ්ම නැමැති ඉතා කුඩා කෙස් වැනි තන්තු වර්ගයක් පවතිනවා. ඒවා පෙනහළුවල සිට ඉහළට මුහුදු රැුල්ලක් හා සමානව චලනය වෙමින් ගමන් කරනවා. මෙම පක්ෂ්ම මගින් ස්වසන පද්ධතියට ඇතුළුවන විෂබීජ පෙනහළු දක්වා ගමන් කිරීමට ඉඩ නොදී පිටතට රැුගෙන එනවා. එසේ රැුගෙන එන විෂබීජ උගුර දක්වා පැමිණි පසු කැස්සක් ඇති කර එය මුඛයෙන් පිට කරනවා. එසේම රුධිරයෙහිද විෂබීජ නසන භක්ෂානු තිබෙනවා.

නියුට්‍රොෆිලර්, (Neutrophil) භේසොෆිලර්, (Basophil)  යුසුනොෆිලර් (Eosinophil) ආදී මෙම භක්ෂාණු මගින් රුධිරයට ඇතුළුවන විෂබීජ විනාශ කරනවා. පටක තරලයේ සිටින මහා භක්ෂානු මගින් ද සිරුරට ඇතුළුවන විෂබීජ කා දමමින් විනාශ කරනවා. මෙම ප‍්‍රතිදේහයන් කිසිදු විෂ බීජයකට විශේෂ නොවී සිරුරට ඇතුළුවන සියලූම ආගන්තුක ද්‍රව්‍යවලට එරෙහිව ක‍්‍රියා කරනවා.

‘ප‍්‍රතිදේහ ජනකවලට විරුද්ධව ඊටම විශේෂිතවූ ප‍්‍රතිශක්තියක් ශරීරය තුළ ඇතිවීම (specific immunity)

යම් විෂබීජයක් හෝ ආගන්තුක ද්‍රව්‍යයක් අප ප‍්‍රතිශක්ති පද්ධතිය මගින් හඳුනාගෙන ප‍්‍රතිචාර දක්වන රසායනික කාණ්ඩ ප‍්‍රතිදේහ ජනක (Antigen) ලෙස හඳුන්වනවා. සෑම ප‍්‍රතිදේහ ජනකයකටම විරුද්ධව ඊටම විශේෂිත වූ ප‍්‍රතිශක්තියක් ශරීරය තුළින් ඇතිවෙනවා. මෙම විශේෂිත ප‍්‍රතිදේහ (specific immunity) ක‍්‍රියාකරන ආකාර මෙසේය. සිරුරට ඇතුළුවන ආගන්තුක විෂ බීජයට එරෙහිව ක‍්‍රියාකරන ෙසෙල වර්ග රැුසක් වසා පද්ධතියේ පවතිනවා. එම ෙසෙල අතරින් T නැමැති ෙසෙලවලට ආගන්තුක විෂ බීජයෙහි ඇති ප්‍රෝටීන භක්ෂානු මගින් පිලිගන්වනවා. එසේ  පිලිගන්වා එම විෂබීජයෙහි ඇති ප්‍රෝටීනවලට එරෙහිව විශේෂිත සටනක් ක‍්‍රිියාත්මක කරනවා. මෙලෙස ඇතිකරන සටනේදී සිදුකරන ක‍්‍රියා මාලාවන් රැසක් මගින් තවත් ෙසෙල  රාශියක් සක‍්‍රීයභාවයට පත්වෙනවා. එවිට මෙම විෂබීජයෙහි ඇති ප්‍රෝටීනවලට එරෙහිව ප‍්‍රතිදේහ නිපදවන ලෙසට වසා පද්ධතියේ ඇති B ෙසෙලවලට සංඥාවක් නිකුත් කරනවා. මෙමගින් එම ආගන්තුක විෂබීජය විනාශ කරනවා. ප‍්‍රතිදේහ වර්ගත් දෙකක් තිබෙනවා. ක්ෂණික ප‍්‍රතිචාර දක්වන (IGM) සහ දීර්ඝ කාලීන ප‍්‍රතිචාර දක්වන (IGG)  ප‍්‍රතිදේහ ලෙසින් ඒවා හඳුන්වනවා. ප‍්‍රතිදේහ සෑදීම මගින් ප‍්‍රතිචාර දක්වන ෙසෙලවලට මතක තබාතැනීමේ හැකියාවක් පවතිනවා.(Memory T cells) එම ෙසෙල මගින් සිරුරට නැවත වරක් මෙවැනි ආගන්තුක විෂබීජ පැමිණියහොත් ඊට එරෙහිව සටන් කරනවා. මීට අමතරව ඇතැම් අවස්ථාවලදී සිරුර තුළ විෂබීජවලට එරෙහිව සිදුවන සටනේදී නිපදවන සමහර රසායන ද්‍රව්‍ය (Interleukin /gamma interferon) විෂබීජවලට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය ප‍්‍රතිචාරයට වඩා වැඩි ප‍්‍රතිචාරයක් දක්වනවා. එහිදී විෂබීජවලට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය ප‍්‍රමාණයට වඩා රසායන ද්‍රව්‍ය නිපදවීම නිසා විෂබීජවලට එරෙහිව සටන් කරනවාට අමතරව සිරුරේ ඇති ෙසෙලවලටත් හානි සිදුවෙනවා. මෙය පාලනයකින් තොරව ප‍්‍රතිශක්තිය නිපදවීමකි. එහිදී රෝගියා අනතුරට ලක්වන්නේ විෂබීජ නිසා නොව මෙම පාලනයකින් තොරව නිපදවන රසානය ද්‍රව්‍ය නිසා සිරුරේ තිබෙන අනෙක් ෙසෙල විනාශවීම නිසාය. මන්දයත් ඉන් සිරුර තුළ හටගන්නා අධික ප‍්‍ර‍්‍රදාහය නිසා ස්වසන පද්ධතිය, රුධිර පද්ධතිය සහ වකුගඩු ආදිය හානියට ලක්වෙනවා. කොරෝනා වෛරස රෝග තත්ත්වයේදී සිදුවන්නේත් මෙවැනි අධික ප‍්‍රතිචාරයක් දැක්වීම නිසා පෙනහළු සහ අනෙකුත් ඉන්ද්‍රියන්හි ෙසෙල විනාශවීමය. එසේම ඩෙංගු රෝගයේදී ඩෙංගු රක්තපාතය ඇතිවන්නේත් මෙලෙස විෂබීජවලට එරෙහිව වැඩි ප‍්‍රතිචාර දැක්වීම නිසාය. එහිදී ඇතිවන අධික ප‍්‍රතිචාරය නිසා රුධිරවාහිනීවලට හානි සිදුවීමෙන් රක්තපාතය ඇතිකරනවා. එනිසා මෙලෙස පාලනයකින් තොරව සිරුර තුළ ප‍්‍රතිශක්තිය ඇතිවීමත් හානිකරයි.

වෛද්‍ය තුමනි ප‍්‍රතිශක්ති පද්ධතිය දුර්වල වන අවස්ථා තිබෙනවාද?

අපගේ සිරුරේ ප‍්‍රතිශක්තිය ළමාවියෙන් වර්ධනය වීම පටන්ගෙන තරුණවිය වන විට උපරිම මට්ටමට පත්වනවා. ඉන්පසු ක‍්‍රමක‍්‍රමයෙන් වයසට යන විට ප‍්‍රතිශක්තිකරණ පද්ධතියේ ක‍්‍රියාකාරීත්වය දුර්වලවීමට පත්වෙනවා. එසේම දියවැඩියාව, වකුගඩු රෝග ආදිය නිසාත් එච්.අයි.වී. වැනි වෛරස රෝග නිසාත් ඇඳුම වැනි නිධන්ගත රෝග නිසාත් සිරුරේ ප‍්‍රතිශක්තිය අඩුවෙනවා. ඊට අමතරව නොයෙකුත් ජානමය අඩුපාඩු හේතුවෙන් උපතින්ම ප‍්‍රතිශක්තිය අඩු අය සිටිනවා. ඇතැම් රෝග සඳහා ලබාදෙන ඖෂධ නිසාත් ප‍්‍රතිශක්තිය දුර්වල වෙනවා. උදාහරණයක් ලෙස ඇඳුමට ලබාදෙන ප්‍රෙඩි‍්‍රසිලෝන් (Prednisolone) නැමැති ඖෂධ නිසා ප‍්‍රතිශක්තිය අඩුවෙනවා. වකුගඩු බද්ධකිරීම, අක්මා බද්ධකිරීම වැනි ඉන්ද්‍රිය බද්ධකිරීම් වලින් පසු බද්ධ කළ ඉන්ද්‍රියට එරෙහිව සිරුරින් ඇතිවන ප‍්‍රතිරෝධය අවම කිරීම සඳහා සිරුරේ ප‍්‍රතිශක්තිය අඩුකිරීමට පියවර ගැනීම නිසාත් සිරුරේ ප‍්‍රතිශක්තිය අඩුවෙනවා. සමහර පුද්ගලයන්ගේ ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේම සිරුරේ පටකවලට විරුද්ධව ප‍්‍රතිශක්ති පද්ධතිය ක‍්‍රියාත්මක වෙනවා.

මෙහිදී සිරුරේ කොටස් ප‍්‍රතිශක්ති පද්ධතිය මගින් ආගන්තුක ප‍්‍රතිදේහ ජනක ලෙස සලකා ක‍්‍රියාකරනවා. (Auto immune disoder) එවිට එම ප‍්‍රතිවිරුද්ධ ප‍්‍රතිශක්තිය නිසා ෙසෙල හා පටක ආදියට හානි සිදුවෙනවා. මෙලෙස ප‍්‍රතිවිරුද්ධ ප‍්‍රතිශක්තිය නිසා සන්ධිවල පටක හානියට ලක්වීම නිසා ඇතිවන රෝගයක් ලෙස රූමටොයිඞ් ආතරයිටීස් රෝගය දැක්විය හැකියි. එසේම සිරුරට නිසි පෝෂණය නොලැබීම නිසාත් ප‍්‍රතිශක්තිය දුර්වල වීමට පත්වෙනවා. එහිදී විටමින් බී, සී, ඞී සහ ප්‍රෝටීන් ආදියෙහි ඇතිවන ඌණතා සිරුරේ ප‍්‍රතිශක්තිය අඩුවීමට ඉතා දැඩිව බලපානවා. මීට අමතරව තව නොයෙක් රෝග සහ හේතු රැුසක් නිසාත් සිරුරේ ප‍්‍රතිශක්තිය දුර්වලවීම සිදුවෙනවා.
suwa20 3



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More