දේශීය පුවත්

තිරිඟු පිටි ආනයනය වහාම අත්හිටුවා සහල් පිටි පරිභෝජනය දිරි ගැන්වීමට රජය පියවර ගත යුතු බව සමස්ත ලංකා ඒකාබද්ධ ගොවි සංවිධානය රජයට යෝජනා කරයි. එහි සභාපති සුනිල් ගමගේ පැවැසුවේ තිරිඟු පිටි අත්‍යවශ්‍ය ආහාර ලැයිස්තුවෙන් ඉවත් කිරීමට රජය මැදිහත්විය යුතු බවයි.

වත්මන් රජය වී නිෂ්පාදනය ඉහළ නැංවීමට ගත් වැඩපිළිවෙළ යටතේ පසුගිය මාස් කන්නයේ සහ මෙම යල් කන්නයේ ලැබෙන වී නිෂ්පාදනයෙන් රටට මාස 14ක් හෝ 15ක් සඳහා සහල් ප්‍රමාණවත් බව සභාපතිවරයා කියයි.

රජය සපයන සහනාධාර සහ වී කිලෝවක් සඳහා රුපියල් 50ක සහතික මිලක් පැනවීම වී වගාව ඉහළ යෑමට බලපා තිබෙන බව පැවැසූ ඔහු ඉදිරි සෑම කන්නයකදීම පසුගිය වසර පහට සාපේක්‍ෂව සියයට විසිපහක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් වී වගාව ඉහළ යන බව පැවැසීය.

ලක්‍ෂ 80 ක් වන මෙරට ගොවීන් දේශීය ආර්ථිකය සවිමත් කිරීමට රජය කෘෂී කර්මාන්තය සංවර්ධනයට ගන්නා වෑයමට සෘජු දායකත්වය ලබාදෙන බැවින් වී අතිරේක ආහාර භෝග වගාවට නැඹුරු කිරීමට සමස්ත ලංකා ඒකාබද්ධ ගොවි සංවිධානය පියවර ගන්නා බව සුනිල් ගමගේ පැවැසීය.

2019/20 මාස් කන්නයේදී රටේ සමස්ත වී නිෂ්පාදනයෙන් මාස 09 ක් සඳහා ප්‍රමාණවත් සහල් ලැබුණ බවත් 2020 යල කන්නයේ දී අපේක්‍ෂිත වී නිෂ්පාදනය මාස 06ක් සඳහා ප්‍රමාණවත් වනු ඇති බවට ගණනය කර තිබෙන බව ඔහු පැවැසීය. යල කන්නයේ අස්වනු නෙළීම ආරම්භ කර තිබෙන බවත් මෙට්ට්‍රික් ටොන් 17ක නිෂ්පාදනයක් අපේක්‍ෂා කරන බවත් ඔහු පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More