ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංවිධානයේ ජාතික සංවිධායක, ජානිපෙ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මහමැතිවරණ විජයග්‍රහණය වෙනුවෙන් දමිල ව්‍යාපාරික ප්‍රජාවගේ හමුවක් ඊයේ (11) සවස කොළඹ කිංස්බරි හෝටලයේදී සංවිධානය කිරීමට හිටපු ප්‍රවීණ ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා කටයුතු යොදා තිබිණි.
මෙම ව්‍යාපාරික හමුව ආමන්ත්‍රණය කිරීමෙන් අනතුරුව අමාත්‍ය විමල් වීරවංශ මහතා දමිල ව්‍යාපාරික ප්‍රජාව නැඟු ප්‍රශ්න රැසකට පිළිතුරු ලබා දුන්නේය. ඒ මහතා ඇතැම් ගැටලු රජයට ඉදිරිපත් කිරීමට ද කටයුතු කරන බව පැවසීය.
මෙම ව්‍යාපාරික හමුවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමයේ සභාපති ජී. රාජේන්ද්‍රන්, පිටකොටුව රෙදිපිළි ව්‍යාපාර හිමියන්ගේ සංගමයේ උප සභාපති බී. ත්‍යාගරාජා පිල්ලේ, රන් ආභරණ වෙළඳුන්ගේ සංගමයේ ලේකම් රත්නරාජා සරවනම්, සිලෝන් හාඩ්වෙයාර් මර්චන්ට් ඇසෝසියේෂන්හි සභාපති, එස්. ටී. එස්. අරුලානන්දන් යන මහත්වරු එක්ව සිටියහ.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,



ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...