දේශීය පුවත්

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලීම් සිදුකරන ඕනෑම අයෙකුට සාධාරණ කාලයක් නිවාඩු ලබාදිය යුතු බව මැතිවරණ කොමිසම පවසයි.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සේවා නියුක්තිකයන් ට නිවාඩු ලබාදීමට අදාළ ව පාර්ලිමේන්තු පනතේ දක්වා ඇති නියමයන් අනුගමනය කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව තවදුරටත් දැනුම් දෙයි.

ඒ අනුව, සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට යා යුතු දුර අනුව නිවාඩු ලබාදිය යුතු කාලය නියම කර තිබේ.

කිලෝමීටර් 40 ක් හෝ ඊට අඩු නම් දින භාගයක්, කිලෝමීටර් 40 ත් 100ත් අතර නම් එක් දිනක්, කිලෝමීටර් 100 ත් 150 ත් අතර දින එක හමාරක්, කිලෝමීටර් 150 ට වැඩි නම් දින දෙකක් වශයෙන් නිවාඩු ලබාදිය යුතුවෙයි.

නිවාඩු ලබා නොදීම සම්බන්ධයෙන් පැමිණිලි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට දැනුම් දෙන ද ලෙස මැතිවරණ කොමිසම තැපැල් ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටියි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More