සීදූව පොලිස් වසමේ කොටුගොඩ ප්‍රදේශයේ ගබඩාවක තිබී කසළ තේ කිලෝ 700ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (12) සීදූව පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර ඒ අවස්ථාවේදී සැකකරුවන් කසළ තේ පැකට් කරමින් සිට ඇත.
එහි තිබී කිලෝ 35 බැගින් වූ පැකට් විස්සක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 45 , 51 වයස්වල පසුවන ජාඇල සහ රාගම ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.
අදාළ සැකකරුවන් අද (13) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...