දේශීය පුවත්

කොරෝනා වසංගත පාලනයට අදාල උපායමාර්ගික කරුණු ඇතුලත් ලියවිල්ලක් ජාතික සංවිධාන විසින් ජනාධිපතිවරයාට භාර දී ඇති බැවින් වර්තමානයේ කන්දකාඩු මහා පොකුර මුල්කරගෙන සමාජ සම්ප්‍රේෂණයක් ඇතිවීමේ අවධානම පිළිබඳව ලංකා ලීඩ් ජාතික සංවිධානවල මතය විමසන ලදි.

එහිදී අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා. මේ ඔවුන්ගේ මතය ඔහුගේම වචන වලින් –

” කන්දකාඩු පොකුර සමාජ සම්ප්‍රේෂණයක් දක්වා වර්ධනය වීම සඳහා හේතු වූ වැරදි 5 ක් තිබෙනවා. අප ඒවා පළමු වටයේදීම අනතුරු ඇඟවූවා. නමුත් සෞඛ්‍ය බලධාරීන් නාවික හමුදා වරදින්වත් ඉගෙන ගත්තෙ නැහැ. ආරක්ෂක හමුදා උපරිම කැපවීමෙන් වැඩ කළා. සෞඛ්‍ය බලධාරීන් නිසි උපදෙස් විධිමත්ව ලබා නොදීම නිසා මෙම කණගාටුදායක තත්වය ඇතිවූ බව පැහැදිලියි. මාරවිල උපදේශිකාව සමාජ මාධ්‍යයකට පවසා තිබූ දේවලින් පැහැදිලිවෙනවා සමස්ථ පාලන ක්‍රියාවලිය කෙතරම් වගකීම් විරහිතව සිදුවී තිබේද යන්න. නාවික හමුදා වරද පිළිබඳ පරීක්ෂණ  වාර්තාව අනුව සෞඛ්‍ය බලධාරීන් තම වැරදි නිවරදි කරගත්තානම් දැන් ඉතා මහන්සියෙන් වැරදි නිවරදි කරන්න දඟලන්න වෙන්නෙ නැහැ. එහෙත් මේ දෙවන වරද ඉතා බරපතලයි.”

 

සබැඳි පුවත් – 

වහාම ආරක්ෂාකාරී ප්‍රවේශයෙන් ප්‍රහාරාත්මක ප්‍රවේශයට යා යුතුය. දිනකට ස්ක්‍රීන් පරීක්ෂණ 5000 – 10,000 කිරීමට සිදුවනු ඇත – ජාතික සංවිධාන විද්වත් කමිටුවකින් ජනපතිට පස්වැදැරුම් උපාය මාර්ගයක් යෝජනා කරයි

 

කොරෝනා පාලන උපාය මාර්ගය දැන්වත් වෙනස් කළ යුත්තේ ඇයි

 

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More