මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2617ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (12) දිනය තුළ පමණක් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 106 දෙනෙකු දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.
කන්දකාඩු මත්‍ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්ගේ පුනරුත්තාපන මධ්‍යස්ථානය තුළ ආශ්‍රිතයන් 14 දෙනෙකු හඳුනාගත් අතර එම මධ්‍යස්ථානයේ සිට සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානය වෙත මාරු කළ රැඳවුවන් 76 දෙනෙකු ආසාදිතයන් බවට හඳුනාගැණුනි.
එමෙන්ම කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයෙකු ළඟින් ඇසුරුකළ රාජංගනය ප්‍රදේශයේ පදිංචිකරුවන් 06 දෙනෙකුද වන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.
මීට අමරතව ඉරානයේ සිට පැමිණි වෙළද නාවිකයන් දෙදෙනෙකු, බෙලරූස් රාජ්‍යයේ සිට පැමිණි 05 දෙනෙකු, බංග්ලාදේශයේ සිට පැමිණි දෙදෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි එක් අයෙකු ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරට අයත් වේ.
මේ අතර රත්නපුර දේවාලේගම, ඇහැළියගොඩ හා කුරුවිට ප්‍රදේශවලින් හඳුනාගත් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ උපදේශකයන් ලෙස කටයුතු කළ පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් 60 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමුකළ බව සබරගමුව පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...