දේශීය පුවත්

රටේ පවතින කොරෝනා වසංගතය ගැන සත්‍ය තත්ත්වය හෙළි නොකර යම් හෙයකින් මැතිවරණය කල් දැමීමට සිදුවුවහොත් මැතිවරණයට වියදම් කළ අපේක්‍ෂකයන්ගේ මුදල් වලින් නිසි ප‍්‍රයෝජනයක් නොලැබෙන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ(12) මහනුවර පැවති වැඩසටහනකට එක්වෙමින් වැඩිදුරටත් ඔහු පවසා සිටියේ  ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත මුල සිටම PCR  පරීක්ෂණ නිසි ක්‍රමවේදයකට සිදුකළානම් සමාජයට කොරෝනා ආසාදිතයන් සම්ප්‍රේශනය වීම වලකාතග හැකිව තිබුණු බවයි.

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පොදුජන පෙරමුණේ ප‍්‍රචාරක රැළි නැවැත්වීමට තීරණය කර ඇති බවත් ඔහු තමන් කියනදේ මුල සිට කළානම් අද මෙවැනි තත්වයකට මුහුණ නොදෙන බවත්  ඒ මහතා කීවේය.

ආණ්ඩුව මුල සිටම කොරෝනා රෝගීන්ගේ සත්‍ය තත්ත්වය හා පීසීආර් පරීක්‍ෂණ සත්‍ය තත්ත්වය හෙළි නොකිරීම නිසා මෙවැනි තත්ත්වයක් රටේ ඇතිව තිබෙන බව ද වික‍්‍රමසිංහ මහතා පැවසීය.

මේ වන විට ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින් පීසීආර් පරීක්‍ෂණ පැවැත්වීම නතර කර ඇති බවත්, එම විශ්වවිද්‍යාලය මගින් හෙළි කරන සත්‍ය වාර්තා හෙළි නොකරන ලෙස එම විශ්වවිද්‍යාලයට දැනුම්දී ඇති බවත් ඒ නිසා ඔවුන් පරීක්‍ෂණ කිරීම නවතා ඇති බවත් කී ඒ මහතා තමා හා තම බිරිඳ මෛතී‍්‍ර පී.සී.ආර්. පරීක්‍ෂණ කර ගන්නේ ද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් බව ද කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More