දේශීය පුවත්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මෙරටදී කළ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම බව පෙන්වමින් පසුගිය වසරේදී කුඩු කිලෝ දෙසිය අනූහතරක් අත්අඩංගුවට ගෙන නාකොටික් කළ තවත් ජාවාරමක තොරතුරු විමර්ශනවලදී අනාවරණය වී ඇත.

දැනට කරගෙන යන විමර්ශනවලට අනුව කුඩු විකුණූ නාකොටික් කල්ලියට සම්බන්ධ එස්.ටී.එෆ්. නිලධාරියකු ගැනද හෙළිවී ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අනාවරණය කළේය. දැනට රහස් පොලිස් භාරයට ගෙන ඇති බෝට්ටු ස්කිපර්වරයකු හා උප පොලිස් පරීක්ෂකවරයාගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන වෙලේසුදා දුන් තොරතුරක් මත මෙම කල්ලිය කොළඹදී සාකච්ඡා කර ඉකුත් වසරේ ජනවාරියේදී ස්කීපර් ඇතුළු තිදෙනකු දකුණු මුහුදෙන් ට්‍රෝලරයක යවා ඉරාන යාත්‍රාවකින් කුඩු තොගය ලබාගෙන ඇත.

කුඩු ගෝනි දහඅටක් ඉරාන යාත්‍රාවෙන් ලබාදී ස්කිපර්ගේ ට්‍රෝලරයට ඉන්ධන පවා ලබාදී ඇති බවත්, ඉන්පසුව මාදුගඟ ඔස්සේ බලපිටියේ ​හෝටලයකට රැගෙන විත් ඇති බවත් අනාවරණය වී ඇත.

නාකොටික් නිලධාරීන් කුඩු ජාවාරමේ කළ බවට අත්අඩංගුවට පත්වන්නේත් බලපිටිය මෙම හෝටලයේම මෙවැනිම කුඩු කිලෝ විසිපහක් රැගෙනවිත් සහල් බෑග්වල අසුරා කොවිඩ් සමයේ වැලිසරට ගෙනවිත් වැටලීමක් කළ බවට කළ ව්‍යාජ රංගනයක් නිසාය.

මෙම සිද්ධීන් දෙකේදීම බෝට්ටුවේ ස්කිපර් වශයෙන් ගොස් ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන පුද්ගලයාය.

මොහු ගෝනි දහඅටක කුඩු තොගය රැගෙන විත් දුන් පසුව නාකොටික් කල්ලියම බේරුවලට ගෙනවිත් දැමූ බව හෙළිවී ඇත. චෝදනා එල්ල වන එස්.ටී.එෆ්. නිලධාරියාත් බලපිටියට පැමිණි බව අනාවරණය වී තිබේ.

මෙම කුඩු තොගය බලපිටියේ හෝටලයේ මාසයක් තබාගෙන සිට කොළඹට රැගෙන විත් කුඩා වෑන් රථයකට පටවාගෙන කොල්ලුපිටියේ සුපිරි වෙළෙඳ සංකීර්ණයකට රැගෙන විත් ඇත. එහිදී එම කුඩු තොගය මිලදී ගැනීමට වෙලේසුදා ලවා ගෙන්වා ගත් මොහමඩ් රිලාන් අහමඩ් රුස්නි යන අය ජාවාරම්කරුවකු සේ අත්අඩංගුවට ගෙන ඔහු පැමිණි වාහනයටත් කුඩු දමා ඇතැයි හෙළිවී තිබේ.

වෙලේ සුදාගේ සහයෙන් කුඩු මිලදී ගැනීමට ගෙන්වාගත් පුද්ගලයා කුඩු රැගෙන ආ ආකාරයට මෙම වැටලීම සිදුකර එය එවකට සිදුකළ විශාලතම වැටලීම බව පෙන්වා දී තිබේ. රුපියල් බිලියන තුනකට අධික කුඩු කිලෝ දෙසිය අනූහතරක් සමග ජාවාරම්කරුවන් දෙදෙනකු හා වාහන දෙකක් අල්ලාගත් බව පසුගිය වසරේ පෙබරවාරි 23දා මෙම වැටලීමේදී හෙළි කෙරිණි. මෙම වැටලීම හා හාල් මලුවල සඟවා රැගෙන ආ කුඩු කිලෝ දෙසිය විසිහතර නාකොටික් කල්ලිය සන්තකයේ නීති විරෝධී ලෙස කාලයක් සඟවා තබා ගැනීම හා ඒ අතරින් කොටසක් විකිණීමක් ගැන දීර්ඝ වශයෙන් විමර්ශනයක් සිදුකරන බව ජ්‍ය්‍යෙෂ්ඨ නිලධාරියකු අනාවරණය කළේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More