දේශීය පුවත්

‘කොවිඩි 19 සම්බන්ධයෙන් රටේ අසත්‍ය කතා පැතිරෙමින් තිබෙනවා. ඒ නිසා ඒවාට රැවටෙන්න එපා කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා’ යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව හැසිරෙමින් තවදුරටත් සහයෝගය ලබාදීම මහජනතාවගේ වගකීම බවද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ හෙතෙම මෙසේද කියා සිටියේය.

කොවිඩි 19 එහෙම පැතිරීමක් නැහැ. හැබැයි ජනතාවගේ අතේ වගකීමක් තිබෙනවා සෞඛ්‍ය නීති රීතිවලට අනුව හැසිරෙන්න. සෞඛ්‍ය පුරුදු ඒ ආකාරයෙන්ම පවත්වාගෙන තමන්ගේ කටයුතු ටික කරගෙන යන්න.

කොරෝනා කියන්නේ එක පොකුරක් නැතිවෙන කොට තව පොකුරක් ඇතිවෙන විදිහට පැතිරී යන දෙයක්. කොරෝනා ආසාදිත වැලිකඩ පුද්ගලයා හඳුනා ගැනීමත් සමග කන්දකාඩුවල කොරෝනා හඳුනා ගත්තා.

සුදුවැල්ල ප‍්‍රදේශයේ සිට කන්දකාඩු කඳවුරට රැගෙනආ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගෙන් රැුල්ලක් ඇතිවෙන්න පුළුවන්. මෙවැනි කොරෝනා පොකුරු පාලනය කරන්න නිසි කි‍්‍රයා මාර්ග ගන්න ඕනෑ. එහෙත් ඇතැම් විට පී.සී.ආර්. පරීක්‍ෂණ නෙගටිව් වෙලා පසුව පොසිටිව් වෙන්නත් පුළුවන්.

ඒ නිසා සුපිරි ‘අවිය’ වන්නේ නිරෝධායනයයි. සෞඛ්‍ය අංශ, ති‍්‍රවිද හමුදාව, පොලිසිය සමාජයට බැහැලා මේවා වළක්වා ගන්න කටයුතු කරනවා. අපේ රටේ කොවිඩි 19 ඉවරයි කියලා කියන්න බැහැ දැන්මම. නිසිලෙස සෞඛ්‍ය උපදෙස් පිළිපැදලා පොකුරු පාලනය කරලා නිරෝධායනයට ලක්වෙලා කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා රටේ සියලූ දෙනාගේම සහයෝගය අවශ්‍යයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More