දේශීය පුවත්

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට දැනට ක‍්‍රියාත්මක සැලසුම වෙනස් කර එය තවත් දැඩි කිරීමට සිදු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

කොරෝනා වෛරසයේ නව පැතිරීම නිසා නව සැලසුමකට යන බවද කොරෝනා වසංගතය හමුවේ මැතිවරණය පැවැත්වීමට කොමිසම විසින් සැලසුම් පහක් පමණ සකස් කර ඇති බවද පවතින තත්ත්වය හමුවේ මුල් සැලසුම ප‍්‍රමාණවත් නොවන බවද හෙතෙම කියා සිටියේය.

ඡන්ද මධ්‍යස්ථාන සියල්ල අනෙකුත් පොදු ස්ථානවලට වඩා සෞඛ්‍ය ආරක්‍ෂිතව පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇති බවත් ඡන්ද මධ්‍යස්ථානවලින් කොරෝනා බෝවීම කිසිදු ඉඩක් නොතබන බවත් හෙතෙම කීවේය.

මැතිවරණය පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇති නිසා එම පියවරයන් ආපසු හැරවීමට මැතිවරණ නිලධාරීන් සූදානමක් නැති බවද මහින්ද දේශප‍්‍රිය මහතා කියා සිටියේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More