දේශීය පුවත්

රත්නපුර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් තුන් දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන් තිදෙනාම කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටී යුද හමුදාවේ නිලධාරීන් තුන් දෙනෙකි.

ඔවුන් ආශ්‍රය කරන ලද පුද්ගලයන් 60 දෙනෙකු පමණ මේ වන විට ස්වයං නිරෝධායන යොමු කිරීමට කටයුතු කර තිබේ.

රත්නපුර දේවාලයගාව, කුරුවිට නඩුකාරදෙනිය, ඇහැලියගොඩ තොරණගොඩ ප්‍රදේශයන්වලින් මෙම ආසාදිතයන් තිදෙනා වාර්තා වෙයි.

මෙම තිදෙනාගෙන් එක් ආසාදිතයෙකු රත්නපුර සීවලී සහ ඇලෝසියස් විදුහල්වලට පැමිණ ඇති අතර එනිසා එදින පාසල් වලට පැමිණ සිටි ගුරුවරුන් සහ සෙසු පිරිස නිවෙස් තුළ නිරෝධනයට යොමු කර ඇත.

සබරගමුව පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මෙම තොරතුරු තහවුරු කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More