දේශීය පුවත්

කොරෝනා බවට සැක කෙරෙන රෝග ලක්ෂණ සහිත පුද්ගලයෙකු ඇතුළු සිව්දෙනෙකු අනවසරයෙන් ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මාර්ගයෙන් පැමිණෙමින් සිටියදී නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා. ඒ ඊයේ අළුයම යාපනය, තොන්ඩමනාරු උතුරු ප්‍රදේශයට ඔබ්බෙන් සිදුකළ විශේෂ මෙහෙයුමකදීය.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කළේ උතුරු නාවික විධානයට අනුයුක්ත මුර යාත්‍රාවක් මගින් යාපනය, තොන්ඩමනාරු උතුරු ප්‍රදේශයට මුහුදු සැතපුම් 11 කට ඔබ්බබෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමකදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ බවයි.

ඔවුන් පිළිබඳ සිදු කළ වැඩිදුර විමර්ශනයේදී මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් සිව් දෙනාගෙන් දෙදෙනෙක් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට සංක්‍රමනය වීමට උත්සහ දරා ඇති බවත් ඒ සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීමට පේදුරුතුඩුව ප්‍රදේශ‍යේ පදිංචි අනෙක් පුද්ගලයින් දෙදෙනා ඩිංගි යාත්‍රාවක් මගින් ඉකුත් 10 වන දින පේදුරුතුඩුව ප්‍රදේශයේ සිට ජාත්‍යන්තර මුහුදු සීමාව පසුකරමින් ඉන්දියාව දෙසට ගමන් කර සංක්‍රමනිකයින් යාත්‍රාව වෙත නංවාගෙන ඇති බවයි.

ඉන්දියාවේ සිට නීතිවිරෝධි ලෙස මෙරටට සංක්‍රමණය වීමට උත්සාහ කරන ලද පුද්ගලයින් දෙදෙනා වැල්වැටිතුරෙයි සහ මුලතිව් යන ප්‍රදේශයන් හි පදිංචි ව සිටි ශ්‍රී ලාංකිකයින් වන අතර, එක් පුද්ගලයෙක් එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයෙක්ව සිට ඇති බවට වැඩිදුරටත් තහවුරු කරගන්නා ලදි. එමෙන්ම එම පුද්ගලයා ස්වසන අපහසුතාවයකින් සහ පපුවෙහි ඇති වූ වේදනා තත්වයක් හේතුවෙන් යාපනය ශික්‍ෂන රෝහල වෙත පොලිස් ආරක්‍ෂාව යටතේ ඇතුලත් කිරීමට කටයුතු කළ අතර, කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇතිදැයි තහවුරු කර ගැනීම සඳහා අද (12) දින එම පුද්ගලයා PCR පරීක්‍ෂණයක් සඳහා යොමු කිරීමට නියමිත බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එමෙන්ම ඉන්දියාවේ සිට පැමිණි අනෙක් පුද්ගලයා එල්ටීටීඊ සංවිධානයට යම් සම්බන්ධතාවක් පැවැත්වූ පුද්ගලයෙකු බවට  සැක පල කරනු ලබන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලද මෙම පුද්ගලයින් වයස අවුරුදු 21 ත් 52 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් බවත් මොවුන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීම සඳහා භාර දෙන තෙක් අනෙක් පුද්ගලයින් තිදෙනා (03) සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව වෙන් වූ ස්ථානයක ආරක්‍ෂිතව, හුදකලාව රඳවා තැබීමට කටයුතු කර ඇති අතර, එම පුද්ගලයින්ද PCR පරික්‍ෂනය සඳහා යොමු කිරීමට නියමිතය.

මෙම මෙහෙයුමේදී නාවික හමුදාව විසින් රටතුල පවතින කොවිඩ් – 19 වසංගත තත්වය හේතුවෙන් මෙම නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් සහ යාත්‍රාව පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමටත් සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති සියළු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමටත් කටයුතු කර ඇති බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළේය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More