විදේශ පුවත්

කොරෝනා වසංගතය ආරම්භ වීමෙන් පසු ප්‍රථම වරට ප්‍රසිද්ධියේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුහුණු ආවරණයක් පළඳ පැමිණ තිබේ.

ජනාධිපති ට්‍රම්ප් මෙලෙස මුහුණු ආවරණයක් පැළඳ පැමිණ සිටියේ මේරිලන්ඩ් හි වෝල්ටර් රීඩ් ජාතික හමුදා රෝහල වෙතටයි.
රෝහලේ සිටියදී මුහුණු ආවරණයක් පැළඳ සිටීම සුදුසු දෙයක් බවට ඔහු ප්‍රකාශ කර තිබුණි.

”මම හිතන්නේ ඔබ රෝහලේ සිටින විට අනිවාර්යයෙන්ම මුහුණු ආවරණයක් පැළඳ සිටිය යුතුයි. එය මට මෙන්ම ඔබටත් අපහසුවක් නොවනු ඇති.”

මෙම වසංගතය ආරම්භයේ සිටම මෙලෙස මුහුණු ආවරණයක් පැළඳීම ජනාධිපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර තිබුණු අතර ඔහුගේ නිලධාරීන් නිරන්තරයෙන් දැනුවත් කර තිබුණේ ආරක්‍ෂිත පියවරක් ලෙස මුහුණු ආවරණයක් පළඳින ලෙසයි.

මේ වන විට ඇමරිකාව තුළ කොරෝනා වෛරසය ආසාදනය වූවන් 3,225,721වාර්තා වී තිබෙන බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාල වාර්තා පෙන්වාදෙයි.  මරණ 137,000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More