ප‍්‍රධාන පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට සඳහා එක්සත් ජාතික පෙරමුණේ දේශපාලන පක්ෂ නායකයින් දෙදෙනෙකු මේ වන විටත් තීරණය කර තිබෙන බවත් අනෙකුත් පක්ෂ නායකයින් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය තවදුරටත් සාකච්ඡා කරමින් සිටින බවත් ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා ප්‍රකාශ කළේය.

පළාත් පාලන මැතිවරණයේදී ගිවිසුම් ගතවූ ආකාරයෙන් ක්‍රියා නොකරමින් පළාත් පාලන ආයතන නියෝජිතයින් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය ගෙන තිබෙන තීරණයට විරෝධය පළකරමින් ආණ්ඩුව නියෝජනය කරන තවත් දේශපාලන පක්ෂයක මන්ත්‍රිවරුන් 7 දෙනෙකුගේ සහායද විහ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා බොහෝදුරට ලැබීමට ඉඩ තිබෙන බවද ටී. බී. ඒකනායකරාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මීට අමතරව මෙම විශ්වාසභංග යෝජනාවට සහාය ලබාදෙන බව මුල සිටම ප්‍රකාශ කළ එක්සත් ජාතික පක්ෂයේ ජනතා නියෝජිතයින් 27 දෙනාම තවමත් එම ස්තාවරයේ සිටින බවත් රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් නොවීමට විරෝධය පළකරමින් මෙම 27 දෙනාගේ සහාය අනිවාරයෙන්ම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා ලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

විශ්වාසභංග යෝජනාවේ වර්තමාන තත්ත්වය ගැන සමාලෝචනය කිරීම සඳහා 28 වැනිදා රාත්‍රි කොළඹදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ විශේෂ සකච්ඡාවක් පැවති බවත් මේ වන විට විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමේ තත්ත්වය පැහැදිලිවම නිර්මාණය වී තිබෙන බවත් ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More