පුරවැසි කොලම

විදෙස් සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම ඔවුන් වෙනුවෙන් පහසුකම් සැලසීම ආදී වූ කරුණු සඳහා 1966 වසරේ අංක 10 සංචාරක කර්මාන්ත පනත යටතේ පිහිටුවන ලද සංචාරක මණ්ඩලය හා සංචාරක කර්මාන්තයට අයත් ආයතන නැවත 2007 අංක 38 දරණ පනතෙන් බලවත් කර තිබේ. එ් අනුව සංචාරක සංවර්ධන අධිකාරිය සතුව විශාල වත්කම් ප‍්‍රමාණයක් රැඳී පවතී. එ්වා අතර මිල මුදල් පමණක් නොව මිල කළ නොහැකි ලංකා භූමියේ ඉඩම් ද අයත් වේ. යටකී පනත් මගින් ආවරණය වන භූමි ප‍්‍රදේශ හතක් මූලිකව ප‍්‍රවර්ධනය සඳහා හඳුනාගෙන ඇති අතර නැගෙනහිර වෙරළ තීරය, දකුණු වෙරළ තීරය, මධ්‍යම කඳුකරය, උතුරු ප‍්‍රදේශය, පුරාණ නගර අයත් වන ප‍්‍රදේශය, කොළඹ නගරය හා මහ කොළඹ ආර්ථික කොමිසමට යටත් පෙදෙස් මෙලෙස ආවරණය වේ.

2007 වසරේ දී සංචාරක කර්මාන්ත පනත සංශෝධනය කිරීමට පෙර සහ පසු යටකී සංචාරක ආවරණ ප‍්‍රදේශවල ඉඩම් වරින් වර සංචාරක සංවර්ධන අධිකාරිය වෙත පවරා දී තිබේ. නැගෙනහිර පමණක් නොව බස්නාහිර මුහුදු තීරයේ ද සංචාරක සංවර්ධන අධිකාරියට හිමිකම් පෑව හැකි ඉඩකඩම් රාශියකි. වෙසෙසින්ම කල්පිටිය දූපත් කීපය ආශ‍්‍රිතව පවතින කාරතිවු වැලි තීරය සංචාරක මණ්ඩලයට ලබා දී තිබෙන්නේ විශේෂ අරමුණකින්ය. ත‍්‍රිකුණාමලේ නිලාවේලි මුහුදු තීරයේ සිට කුච්චවේලි පසුකර උතුරට සීමා වන්නට සංචාරක සංවර්ධන අධිකාරියට අයත් සම්පූර්ණ භූමි ප‍්‍රමාණය ගත් කල එය හෙක්ටයාර 207කට (අක්කර 510) කට ආසන්න වේ. එයින් ජන්ගල් බීච් කොටස බද්දට දී තිබෙන අතර කුච්චවේලි ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුඹුරු පිටි වෙරළ තීරය හා නිලාවේලි මුහුදු තීරය ආශ‍්‍රිත විශාල ඉඩම් ප‍්‍රමාණයක් මේ වන විට බදු දීමට යෝජිතව තිබේ.

n26 1

මාබල් වෙරළ තීරය නොහොත් මාබල් බීච් යනු ත‍්‍රිකුණාමලයේ කොට්ටියාර් බොක්කේ නගර හා කඩවත් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙල්ලෙයි මනල් නම් වසමේ තිබෙන සංවේදී කලාපයකි. ත‍්‍රිකුණාමල ගුවන් හමුදාවට අයත් බිම් තීරයට යාබදව තිබෙන සංචාරක සංවර්ධන අධිකාරියට අයත් පෙදෙස යුද්ධයෙන් පසුව 2012 වසරේ අමාත්‍ය මණ්ඩල සංදේශ 12/1566/503/122 අනුව හමුදාවට පවරා ගැනිණ. මෙහි භූමි ප‍්‍රමාණය අක්කර 06 රූඞ් 01 පර්චර්ස් 39 කි. 2015 වසරේ යහපාලන රජය බලයට පත්වූවායින් පසුව හමුදාව සතු ඉඩම් කොටස් බාහිර පුද්ගලයන්ට නිදහස් කිරීමේ තීරණය මත ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් 2017ර/4/28 දරණ ඉඩම් අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට යොමු කරන ලද ලිපිය මගින් මාබල්බීච් ඉඩම් කොටස නිදහස් කිරීමට තීරණයක් ගෙන තිබේ.

ත‍්‍රිකුණාමලය ඇතුළු නැගෙනහිර පළාත නියෝජනය කරනු ලබන සිංහල දේශපාලනඥයන් සංඛ්‍යාව ඉතා අල්පය. ඔවුන් තමන්ගේ දේශපාලන බලය ප‍්‍රවර්ධනය කරගනු ලබන්නේ දෙමළ සන්ධානයට සහ මුස්ලිම් අන්තවාදීන්ට යටහත්ව කටයුතු කිරීමෙනි. මෙම ප‍්‍රදේශයේ සිංහලයන්ට ඉඩම් නැත. පදිංචි ව සිටින ඉඩම්වලට බලපත‍්‍ර නැත. ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින දෙමළ සහ මුස්ලිම් නිලධාරීන් සිංහලයන්ගේ ඉඩම් අයිතියට විරුද්ධව නොයෙකුත් ගැටලූ ඇති කරති. 1980 දශකයේ දී යුද්ධයෙන් අනාථ වූ සිංහලයන් සිය ඉඩකඩම් දමා අවතැන් වූ පසු එම ඉඩම්වලට හොර ඔප්පු හදා අන්සතු කරන ලද්දේද මේ නිලධාරීන් විසිනි. එවැනි තත්ත්වයක් යටතේ සිංහල දේශපාලනඥයන් අතින් ඔවුනට සේවයක් විය යුතු තිබෙන නමුත් එය ඉටු නොවේ. එ් වෙනුවට ඔවුහු රජයේ ඉඩම් කොල්ල කමින් ඇතැම් විට ඉඩම් බ්‍රෝකර්කම් කරමින් එ්වායෙහි සංචාරක හෝටල් ඉදි කර ධනවත් වීමට මාන බලති. මාබල් බීච් ඉඩම සංචාරක සංවර්ධන අධිකාරිය සහ ගුවන් හමුදාව සතුව තිබෙන ආරක්ෂිත ප‍්‍රදේශයකි. මාබල් බීච් ඉඩම් ගුවන් හමුදාවෙන් නිදහස් කොට රොහාන් පොන්නයියා නමැති පුද්ගලයකුට අවසතු කිරීමට අවශ්‍යම තීරණය ගනු ලැබූ බව යට සඳහන් කළෙමි.

 

මේ අවසතු කිරීම වර්තමාන සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා නිසා දැනට තාවකාලිකව නැවතී තිබෙන අතර ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ විසින් කරන ලද බලපෑම් මධ්‍යයේ මෙම අවසතු කිරීම සඳහා සංචාරක සංවර්ධන අධිකාරිය තීරණයක් ගැනීමට ආසන්නයේ පවතී. 2020/01/14 දාතමින් මෙම ඇමැතිවරයා සංචාරක සංවර්ධන අධිකාරියට යොමු කරන ලද ලිපිය මෙයට උදාහරණයකි. මෙයට තවත් හේතුවක් පවතී. එනම් සංචාරක මණ්ඩලය ඇතුළු සංචරණය සඳහා තිබෙන රාජ්‍ය ආයතන තුන සඳහා මෑතකදී සභාපති පත්වීම් ලැබ සිටින කාන්තාවකගේ මැදිහත් වීමයි. වියත් මග හරහා වත්මන් ජනපතිවරයාට ලංව සිටින බෝන්අගෙන් කල්ලියේ පුද්ගලයෙකුගේ පිහිටෙන් මෙම තැනැත්තිය මෙම පත් වීම ලැබ ගෙන තිබේ. ඇයගේ පවුලේ ප‍්‍රධාන ආදායම් මාර්ගය තේ අපනයනය වුවද මෙරට සංචාරක ව්‍යාපාර ක්ෂේත‍්‍රයේද එයට නමගිය නමක් හිමිව තිබේ. ලංකාවේ පුද්ගලයෙකු සංචාරක කර්මාන්ත ප‍්‍රවර්ධනයට අත දෙමින් රජයේ ආදායම වර්ධනය කිරීමට දායක වීම පැසසුම් කටයුතු වුවද මෙම තැනැත්තිය පත්වීම ලබා ගන්නේම තම පවුලේ ව්‍යාපාර ප‍්‍රසාරණය සඳහා අවශ්‍ය පසුබිම සකස් ගැනීමට බව දැන් හෙළි වී තිබේ.

මෙම සභාපතිනියගේ සැමියා යට සඳහන් කරන ලද තේ අපනයන කර්මාන්තයේ ඉහළ නමක් දිනා සිටින ප‍්‍රසිද්ධ හෝටල් හිමියෙකි. යාල ජාතික වන උයනේ තිබෙන ඔහු සතු හෝටලය ද සංචාරක සංවර්ධන අධිකාරියට අයත් දේපළකි. යටකී මාබල්බීච් ඉඩම මෙන්ම තවත් ඉඩම් තම ව්‍යාපාරික ආයතනයට බදු ගැනීම ඔහුගේ වෑයමයි. එ් සඳහා මෙම ඉඩම රොහාන් පොන්නයියා නමැත්තකුට අවසතු කළ යුතු බවට ඉල්ලීමක් ලැබී තිබේ. (Society of jesus in the diocese) නම් ක‍්‍රිස්තියානි ආගමික ආයතනයකට මෙහි මුල් අයිතිය ඇති බව දක්වමින් ඉල්ලීම් ඉදිරිපත්ව තිබේ. ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ හිටපු මන්ත‍්‍රී වන සුසන්ත පුංචිනිලමේ මහතා මෙයට මැදිහත් වන්නේ ඔහුට එ් මගින් ලැබෙන ආර්ථික වාසි සලකාගෙන විය යුතුය. තමන්ගේ පාරම්පරික ඉඩම්වල ඔප්පු පවා නොලැබී දුක් විඳින සිංහලයන්හට ඉඩම් ලැබ දෙනවාට වඩා ඉඩම් වෙළෙඳ පළ තුළ කරන අතයට ගනුදෙනු ඔහුට මනාප බව පැහැදිලිය.

දැනටමත් ගුවන් හමුදාව විසින් මාබල් බීච් වෙරළ තීරයෙහි ඉතා සාර්ථකව සංචාරක නිවාඩු නිකේතනයක් පවත්වාගෙන එනු ලබයි. මෙම ඉඩම් අවසතු කළ විට ගුවන් හමුදාවේ දායකත්වය එයින් ගිලිහෙන අතර කොට්ටියාර් බොක්කේ ආරක්ෂාවට ද තර්ජනයක් වන බාහිර පුද්ගලයන් ඇතුල් වීම සිදු වේ. විවිධ ක‍්‍රිස්තියානි නිකායන් හරහා දෙමළ සිංහල ජනතාව ක‍්‍රිස්තියානි කිරීමත් බෙදුම්වාදය සඳහා ඔවුන් පෙළඹවීමත් සිදු කරන බව මෑතක නිදර්ශනවලින් පැහැදිලිය. ඒ තත්ත්වය මත මාබල් බීච් ඉඩම මෙන්ම සංචාරක සංවර්ධන අධිකාරිය සතු වෙනත් ඉඩම් බාහිර පුද්ගලයන්ට පැවරීමේදී වඩා පරිස්සම් සහිත විය යුතුය. එයට ප‍්‍රධාන හේතුව ජාතික ආරක්ෂාවට මෙම ගනුදෙනුවලින් තර්ජනයක් එල්ල වීමයි. දැනට කල්පිටිය කාරතිවු දූපතේ තිබෙන උච්චමුනේ වෙරළ තීරයද ජිනීවාවල තිබෙන සමාගමකට (Blue Ocean Resort Island) බදු දීමට කරන වෑයමක්ද මේ අතර වාරයේ අසන්නට ලැබේ. කාරතිවු දූපත සහ විල්පත්තු අභය භූමිය අතර ඇත්තේ කෙටි දුරකි.

 

මෙම සමාගමේ අනන්‍යතාවය පවා තවමත් අධ්‍යක්ෂ මණ්ඩලයට පවා රහසක් බව දැන ගන්නට ඇත. එ් වෙනුවට ජිනීවාවල තිබෙන සමාගම වෙනුවෙන් පෙනී සිටින මෙරට  සමාගමක් ද තනාගෙන තිබේ. මෙම මැදිහත් වීම කොටි ඩයස්පෝරාව හරහා කරන්නක් බවට ද සැක පහළව ඇත. එම නිසා රටේ ඉඩම්වලින් තුනෙන් දෙකක් පමණ වන සංචාරකයන් සඳහා වෙන් කරන ලද භූමි ප‍්‍රදේශ  ගැන මනා විමර්ශනයක් කොට රටට හිතකර ලෙස බදු දීමට සහ පවරා දීම නොකළහොත් අනාගතයේ දී ඇති කළ හැකි ගැටලූවලට මුහුණ දීමට සිදු වන්නේද ආරක්ෂක හමුදාවටයි. නියපොත්තෙන් කැපිය හැකි දේ පොරවෙන් කැපීමට ඉඩ නොදිය යුතුය

මතුගම සෙනෙවිරුවන්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More